අපේ චුටි අක්ක බාලාංසේ පන්තියේ ඉඳල තිබුනේ "සුදු ටීචර්ගෙ" පන්තියේ. ඒත් මාව වැටුනේ "පුෂ්පා ටීචර්ගෙ" පන්තියට, එහෙමත් නැත්නම් "කළු ටීචර්ගේ" පන්තියට. පුංචි කාලේ ඉඳලම මම ටිකක් කුලෑටි ළමයෙක්.
මෙන්න මේ පන්තියේ මම පොඩි කාලේ ඉඳලම දන්නා කියන කීප දෙනෙකුත් හිටියා. ඒ අතරින් ගොඩ දෙනෙක් මගේ නෑදෑයොත් වෙනවා. අමිල, සුපුන්, කුමාරි.... එහෙම.
මම අර "පාසල් විත්ති 01" කියන කතාවේදී කියපු අමිල කියන කොල්ලා පොඩි කාලේ ඉඳලම මහා වසවර්තියා. මට ඌ ගැන තියෙන මුල්ම මතකෙනම් හරිම අපුරු එකක්. මට ඒක අදවගේ මතකයි. ඒ වෙලාවේ අපේ ගුරුතුමී පන්තියේ හිටියේ නැහැ. මෙන්න ඒ අතරේ පන්තියේ පිටිපස්සේ හරියේ හිටපු අමිලයි, කුමාරියි දෙන්නා ඒ දෙන්නගේ ලිංගබේදයේ වංහුං හොයනවා. අමිල හිටියේ කලිසම පාත් කරගෙන. කුමාරිත් ඒ ගැන බොහොම උනන්දුවෙන් එබිලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ කුමාරිගේ වාරය. දැන් අමිල එබීගෙන බලනවා. ඔන්න ඔහොමයි අමිල ගැන මගේ මුල්ම මතකය.
අමිල වගේම තමයි මිනිහගේ තාත්තත් ටිකක් නහරයෙක්, හැබැයි මට හරි ආදරෙයි ඒ කාලේ ඉඳලම. ඇත්තටම එයාගේ තිබුනේ නහරවැඩ වලට වැඩිය "කතාව" තමයි. ඒ කියන්නේ ලොකු "කියුම් කාරයෙක්". කියුම් කාරයෙක් කිව්වේ කියවනවා මිසක් කවදාවත් කරපු වැඩක් නැති නිසා. මිනිහගේ නම "බෝම්බ රංජි". ඉස්සර කාත් එක්කද රණ්ඩු වෙච්ච වෙලාවක "උඹලට මම බෝම්බ ගහනවා" කියලා කියපු සිද්ධියක් නිසා තමයි එයාට ඒ නම වැටිලා තියෙන්නේ.
මම කලින් කියපු සුපුන්ලගේ ගෙවල් තිබුනේ අමිලගේ ගෙදරට උඩහින්. අමිලට මාවයි සුපුන්වයි පේන්න බැහැ. ඒකට හේතුව අපි දෙන්න සාපේක්ෂව ඌට වැඩිය ඉගෙන ගන්න දක්ෂ වෙච්ච නිසා වෙන්නත් ඇති. ඒ වගේම පුංචි කාලේ ඉඳලම සුපුන් මාත් එක්ක ටිකක් හිතවත්. ඊටත් වඩා හැමදාම අපි අලුත් පන්තියකට ගියාම ඒ එන හැම ටීචර් කෙනෙක්ම වගේ මාව දන්නවා. මගේ අක්කල තුන් දෙනාම ඒ ඉස්කෝලේ ඒ ගුරුවරුන්ගෙන්ම ඉගෙනගෙන තිබ්බ නිසා වෙන්නත් ඇති එයාල මාව දන්නේ.
මොන හේතුවක් නිසාද දන්නේ නැහැ හැමදාම අමිල හැමදාම වගේ අපිත් එක්ක පාරදිගේ එන්නේ මාත් එක්කයි, සුපුන් එක්කයි රණ්ඩු අල්ල අල්ල. මම පුංචි කාලේ බොහෝම අහිංසක දුර්වල ළමයෙක්, ඒ වගේම මට වැඩිය ගහගන්නත් බැහැ. පුංචි කාලේ මාව දෙපාරක්ම අසනීප වෙලා මැරෙන්නම ගිහිනුත් තියෙනවලු. ගම අවට හිටපු ළමයි ගොඩදෙනෙක් මට හැදිච්ච බඩේ අමරුවම(පාචනේ වගේම භයානක එකක්) හැදිලා නැතිඋනා කියල අම්ම මාත් එක්ක කියල තියෙනවා. ඒ ලෙඩේ හැදිච්ච ළමයින්ගෙන් ඉතුරු උනේ මමයි තව එක ළමයෙකුයි විතරලු. ඇවිදින්න පටන් ගත්තු වයසේදී අසනීප වෙච්ච මම ඊට පස්සෙ ආපහු දණගාන්න පටන් ගත්තලු. ඉතින් මේ කියන කාලෙදිත් මම බොහෝම දුර්වල ළමයෙක්.
ඔන්න ඉතින් ඉස්කෝලේ ඇරිලා පාරේ එනගමන් සමහර වෙලාවට අමිල මාත් එක්ක රණ්ඩු අල්ලන්න පටන් ගන්නවා. අපි දෙන්න අතරේ මේ වගේ රණ්ඩුවක් උනාම මම ගුටිකන එක අහන්නත් දෙයක්ද. මෙහෙම වෙච්ච එක දවසක මම අඬඅඬා ගෙදර ආවා. මේ එද්දී තාත්ත ඉන්නවා ගෙදර. සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ඇරිලා එන වෙලාවට තාත්ත ගෙදර ඉන්නේ බොහොම කළාතුරකින්. එදා අමිල මගේ මුණයි බෙල්ලයි ගොඩක් හුරලා ලේ එනවත් එක්ක. මේක දැකපු ගමන් ඕනෙම තාත්ත කෙනෙකුට වෙනවා වගේම මගේ තාත්තටත් යක්ෂයා ආරුඩ උනා. මාවත් ඇදගෙන තාත්ත පාරට ආවා. ඒ වෙද්දීත් අමිල ගෙදර ගිහින් නැහැ. ඉතුරු අයත් එක්ක අපේ ගෙවල් පහළ තියෙන කාණුවේ බැහැගෙන මාළු අල්ලන්න හදනවා. අපේ තාත්ත අමිලට සැරෙන් කතා කළා. ඌ "ඇයි xxx මාමේ" කියල අහගෙන අපේ තාත්ත ලඟට ආවා.
හැමදාම අමිල කරන මේ වැඩේ නිසා කේන්ති ගිහින් හිටපු තාත්තා අමිලගේ කන්කෙටියෙන් අල්ල ගත්තා. අල්ලගෙන ඇදගෙන ගියා උන්ගේ ගෙදරට යනකම්ම. අපේ ගෙවල් ගාව ඉඳලා අමිලගේ ගෙදරට මීටර 300 ක් වගේ දුරක් තියෙනවා. මේ මුළු දුරම අමිල ගියේ ඔළුව පැත්තක් උස්සගෙන කණෙන් එල්ලීගෙන. උන්ගේ ගෙදරටම ගිහින් රංජි මාමටත් මේ සිද්ධිය කියලා තාත්තා හොඳටම බැන්නා, මගේ මුණේ තියෙන තුවාලත් පෙන්න පෙන්නා. ඒ වෙලාවේම ගහකින් කඩා ගත්තු කෝටුවකින් රංජි මාමා අමිලට සැළකුවා ආයේ මදි නොකියන්න. එදායින් පස්සේ ඌ ආපහු මට කරදර කරන්න ආවේ නැහැ. ඊට ටික දවසකට පස්සේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච මම ගමේ ඉස්කෝලේ දාල කොළඹ ඉස්කෝලෙකට ගිය නිසා ගමේ යාළුවන්ව ලඟින් ආශ්‍රය කරන්න ලැබුනේ නැහැ. ඒත් අවුරුද්දකට පස්සේ මම ආපහු ගමේම ඉස්කෝලෙට නොවුනත් ගෙදර ඉඳල යන්න පුළුවන් දුරක තිබ්බ ඉස්කෝලෙකට ආපහු ආවා. ඒ නිසා ආපහු මේ යාළුවන්ව ආශ්‍රය කරන්නත් ගමේ දුවපැන ඇවිදින්නත් වාසනාව ලැබුනා.

අමිලගේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඉස්කෝලෙන් අස්වෙලා කාලයක් ගමේ රස්තියාදු ගහපු කාලේ වෙද්දී ඌ මගේ හොඳ යාළුවෙක් වෙලා හිටියා. අපි එකට සෙල්ලම් කළා, ගඟේ නාන්න යනවා, හොරෙන් කුරුම්බා කඩල බොනවා, තව තව වැඩ ගොඩයි. මේ විදිහටම ඉස්සර අමිලගේ තත්තයි අපේ තාත්තලයි කොළුකාලේ එකට පිස්සු නටල තියෙනවලු. අපිත් ඒ විදිහට බොහොම කෙළිදෙලෙන් ගතකලා කාලයක් තිස්සේ.
මෙහෙම ගිහින් ආපහු මට ගම අතහැරලා දාල ආපහු කොළඹ යන්න සිද්ධ උනා ඉගෙනීම කටයුතු වලට. ඊට පස්සේ මම ගමේ ආවේ සතියකට දෙකකට වතාවක්. මේ ආවහම ඉස්සර වගේ වැඩිය ගමේ ඇවිදින්න යන්න වෙන්නේ නැහැ. ගමේ යාළුවෝ ආස්සරයත් ටිකක් විතර අඩුඋනා. ටික කාලෙකට පස්සේ පාරේදී මාව හම්බ වෙච්ච රංජි මාම කිව්වා අමිල කසාද බැඳලා ගමෙන් ගියා කියල. මේ සන්ධිය වෙද්දී අමිලගේ අම්මගේ මරණයත් සිද්ධ වෙලා ඉවරයි. රංජි මාමත් ගමේ තැන තැන රස්තියාදු ගගහා බොහොම සෙල්ලක්කාර ජිවිතයක් ගත කරපු කාලයක්. සමහර දවස් වලට පුතාගේ යාළුවෝ කියල නැහැ, නෑදෑ කමට ටිකක් දුරින් හරි මාම කෙනෙක් වෙනවා කියලත් නැහැ. අර බෝතල් වල තියෙන කහට පාට ජාතියත් බිව්වා අපිත් එක්කත්. හැබැයි එහෙම දවසක් එන්නේ සිංහල අවුරුදු කාලෙට වගේ තමයි.
මේ කියන කාලේ මම රස්සාව කලේ කොළඹ, නතරවෙලා හිටියෙත් ඒ කිට්ටුවමයි. එක දවසක් මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. බලනකොට අමිලගෙන්. මම ඒ දවස්වල වැඩකලේ බත්තරමුල්ල කිට්ටුව. මිනිහ මට කෝල් කරලා කිව්වා මාව හම්බවෙන්න එනවා කියලා. එහෙම ඇවිත් අපි දෙන්න ටික වෙලාවක් කතා කරකර හිටියා. මේ වෙද්දී අමිල කරකර ඉඳල තිබුණු රියදුරු රස්සාවෙන් අහක්වෙලා. එතන හරියට පඩි ගෙව්වෙත් නැහැල්ලු. මගෙන් ඇහුවා මම වැඩකරන ආයතනයේ රියදුරු රස්සාවක් අරගෙන දෙන්න පුලුවන්ද කියලා.
මමත් ඉතින් නෑ බෑ කියන්න ගියේ නැහැ, මොනවා උනත් වැලිකෙලියේ ඉඳල තියෙන යාළුකම, දුරින්හරි තියෙන නෑදෑකම, අනික කරදරේ වැටිලා ඉන්න වෙලාව. මමත් එදාම මම අඳුනන කළමනාකාර මහත්තැන් කෙනෙකුට කතා කරලා අමිලව එතනට යැව්වා. මෙහෙම ගිහින් ආපහු ටික දවසක් යද්දී ආපහු අමිලගෙන් කෝල් එකක්. බලනකොට තාම ඒ අලුත් ව්‍යාපෘතිය පටන් අරගෙන නැහැ කියලාමෙයාව රස්සාවට අරගෙන නැහැ. පස්සේ මගේ වෙන්න හාමිනේ (ඒ දවස්වල) හරහා මට ආරංචි උනා අපේ ප්‍රධාන කාර්යාලය එහෙමත් නැත්නම් "ඔළු කන්තෝරුව"ට අලුතෙන් රියදුරු බඳවා ගැනීමක් කරනවා කියලා. මම මිනිහව ඒකට පන්ගාර්තු කලා. මටත් වැඩිය ඒ ගැන මහන්සි වෙලා කටයුතු කලේ මගේ වෙන්න හාමිනේ. මේ අතරවාරයේ මමත් රස්සාවෙන් අස්වෙලා රට ආවා.
මෙහෙම ටිකකාලයක් ගිහින් එක දවසක් මගේ නෝනා මට කතා කරලා කියනවා "අර ඔයාගේ ගමේ යාළුවා හරි ඇණයක් වෙලානේ තියෙන්නේ" කියලා. අනිත් ඩ්‍රයිවර්ලා එක්ක පම්පෝරි ගහනවලු ඇඳුනුම්කං කියකියා. ඒ මදිවට මගෙත් එක්ක තියෙන යාළුකම නිසා මගේ නෝනටත් කාර්යාලයේ කියල බලන්නේ නැතුව කෙලින්ම එයාගේ නම විතරක් කියල කතා කරන්නත් පටන් අරගෙන.
අපේ රටේ තාමත් යුරෝපයේ වගේ නොවෙන නිසා කාර්යාල වල මේ වගේ දේවල් ප්‍රශ්න.
ඊටත් පස්සේ ඩ්‍රයිවර්ලා සම්බන්ධව එන්න තියෙන හොඳම ආරංචියත් ආවා. මුට වැඩකරන්න දීලා තියෙන්නේ "මරුති" කාර් එකක්. මුගේ තියෙන ගොන්කමට ඒ පුංචි කාර් එකෙන් පෙට්රෝල් හොරෙන් ඇදලා විකුණලා, ඒ විතරක් නෙමෙයි විකුණද්දී මාට්ටු වෙලත් එක්ක.
අන්තිමට ආයතනයේ මානව සංවර්ධන අංශයේ ලොක්ක මගේ හාමිනේට කතා කරලා මේ විස්තරේ කියල "දැන් අපි මොකද කරන්නේ" කියල අහලා. හාමිනෙත් නිකංඉඳල නැහැ, ගාණට ඇඟ බේරගෙන උත්තර දීලා තිබුනා.
මගේ මහත්තයාගේ ගමේ ඇඳුනුම්කමට තමයි මම මේ මනුස්සයට රස්සාව අරගෙන දුන්නේ. එයා වැරද්දක් කලානම් එයා ගැන තීරණයක් ඔයගොල්ලෝ ගන්න කියලා. (ඊට පස්සේ මම මගේ යාළුවෝ ගැන හාමිනේගෙන් අහගත්තු දේවල් මෙතන කියන්න ඕනේ නැහැනේ)
අන්තිමට මිනිහට ආයතනයෙන් කැමැත්තෙන් අස්වෙලා යන විදිහට ලියුමක්ක් දීලා අස්වෙලා යන්න කියල HR ලොක්ක කියල තිබුනා. ඒක ඒ විදිහටම සිද්ධවෙලා තිබුනා.
ඊට පස්සේ මම කීපවතාවක් නිවාඩු ගියත් ගමේදී ඌව දැක්කේ නැහැ, ඒත් රංජි මාමනම් වෙනද විදිහටම ගිය සිංහල අවුරුද්දෙත් අපි එක්ක ඇපල් රස තියෙන සුදු පාට වතුර බෝතලයක් බිලා ඉවර කලා. මිනිහා දැන් ඉස්සර වගේ නෙමෙයි, කොල්ලවගේ. බොහොම සතුටින් කුරුල්ලෙක් වගේ ඉන්නවා ගමවටේ රවුම් ගහගහ. ඒ මදිවට වෙන කසාදෙකුත් කරගෙනය කියන්නේ.
මම අමිලගේ සිද්ධි එයාඑක්ක කතාකරන්න ගියේ නැහැ. ආතල් එකේ ඉන්න මිනිහගේ ආතල් කඩන්නේ මොකටද කියල හිතලා.
ඔන්න ඔහොමත් උනාලු අපිට.....
අපේ ජීවිත වලට ලං උන සමහර යාලුවෝ ඉන්න්නවා මේ වගේ.. ඒ එක එක්කෙනාගේ හැටි... එතකොට දැං අමිල ගැන ආරංචියක් නැද්ද??
ReplyDeleteසමහරුන්ට උදව් කලාම ඇනයක් වෙනව තමා......අපොයි ඔව්...!!
ReplyDeleteහප්පා අමිලයගේ තාත්තා මාර පොරක් නේ,අමිලාය වගේ උන් ඉන්නව අනන්ත සමහර වෙලාවට කරපු උදව් නිසා හෙන පරිප්පුත් කන්න වෙනව.....
ReplyDeleteඔය වගේ කෙස් මටත් කඩං පාත්වෙලා තියෙනව බං...පරිස්සං උනේ නැත්තන් අපිත් නොන්ඩි...ඒ විතරක් යෑ හාමිනේගෙන් අහන්ඩ වෙන එවා..විලි ලැජ්ජවේ සන්තොසේ බැරුව යනවනේව....
ReplyDeleteඅම්මියෝ... කොයි තරම් හොඳ උනත් යාලුවෝ කියන ජාතිය නම් අතේ දුරින් තියා ගන්න එක තමයි හොඳ...
ReplyDeleteමටත් ඔය වගේ වැඩක් උනා, දන්න කියන කෙනෙකුට මනුස්සකමට රස්සාවක් හොයල දීලා... අන්තිමට සතියට දවසක් දෙකක් මේකා මගේ ඔෆිස් එකට එන්න තියාගත්තෙ නැතැයි මාව හොයාගෙන නෑකම් කියාගෙන... නිකම් නෙවෙයි එන්නෙ, සල්ලි ඉල්ලං යන්න... අන්තිමට අපේ ඔෆිස් එකේ ඔක්කොම එකතුවෙලා ලොකු නාට්‍යයක් රඟ දක්වලා තමයි මිනිහ එන එක නතර කළේ...
ReplyDeleteමටත් ජොබ් කට්ටක් හොයල දෙන්න බැරිද? හාමිනේට නම කියල නං ආත්මෙට කතා කොරන්නෙ නෑ කියල පොරොන්දු වෙන්නං
ReplyDeleteමූ නම් නිකම් ඇණයක් නෙවෙයි. ඔලුව තැලිච්ච මලකඩ කාපු ඉස්කුරුප්පු ඇණයක්.
ReplyDeletehenryblogwalker the Dude
@ඔබා අයියා: ජොබ් කටු දෙකක් තියෙනවා. එකක් තැපැල් කන්තෝරුවෙ Asst Stamp Licker. අනික සත්තු වත්තෙ වඳුරන්ගෙ මැක්කො අරන් දාන්න. අවුලකට තියෙන්නෙ දෙකටම ඉල්ලන්නෙ දුසිරිතෙන් තොර බුවාලා.
ReplyDeletehenryblogwalker the Dude
හ්ම්ම්ම් සමහර යාළුවොන්ට යාලු කමට උදව් කරන්න ගියාම ඇගට එන අවස්ථා මටත් වෙලා තියෙනවා.. ඕවා ඉතින් ජිවිතේ තවත් එක සිද්දියක් විතරයි කියලා අමතක කරලා දාන්න ලොකු., කොහොමත් ඔයා එයාට උදව් කලානේ.. අර මුලින් කියපු කතාව, ලින්ගබෙදය පරික්ෂා කලයි කියුවේ, හිහි, ඒ මොන නොසන්ඩාල වැඩක්ද? එතකොට වයස කියක් විතර ඇතිද? හිහි.... අපේ මල්ලිත් ඉස්සර හෙන දුර්වලයි, එයාටත් ඔහොම ලෙඩ හදුනා , මට හොදට මතකයි.. පාසැල් විත්ති 3 ත් ඉක්මනට දාන්න,,
ReplyDeleteඅතේ දුරින් තියාගෙන යාළුවෝ ආශ්‍රය කරන්න කියන්නෙ ඔව්වට වෙන්න ඇති...
ReplyDeleteමට රොඩ්නි වර්ණකුල කියන ගීතයක් මතක් වුණා
ReplyDelete"යාලුවෝ..මාළුවෝ..යාලුවෝ.."
@ Dinesh
ReplyDeleteඔව් සහෝ ඒක ඇත්ත. ඌ ගැන මම හොයල බැලුවෙ නැහැ
මම ඌ ගැන අහිතක් හිතුවෙත් නැහැ බන්
@ වින්චැට්කිරිල්ලි.
ReplyDeleteඔව් ඔව් ඒකනම් ඇත්ත, අපි දැනගන්න ඕනේ උදව්වක් ගත්තම ඒකේ ගුණේ තියන්න.
අනික මිනිහ මගේ වෙන්න නෝනව දැක්කෙත් එදාමයි, එහෙම නාදුනන කෙනෙක්ගෙන් උදව් ගත්තම මේක තවත් බලපානවා වැඩියි....
@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteරංජි මාම එල බුවෙක් තමයි, එයා අමිලගේ අම්මව බඳිනකොට ඒ නැන්දට වයස අවුරුදු 16 යි කියලත් මම අහල තියෙනවා
මේ වගේ මිනිස්සු නිසා හොඳ මිනිහෙකුට උදව්වක් කරද්දී උනත් දෙපාරක් හිතන්න වෙන එකනේ අවුල
@ Raj
ReplyDeleteඕක කෙලින්ම මට උනානම් කිසි අවුලක් නැහැ බන්
මිනිස්සු නිසා සිද්ධවෙන මේ වගේ දේවල් වලට මුණ දීලම මම ඒවා දිහා උපේක්ෂාවෙන් බලන්න හුරුවෙලා ඉන්නේ
මම එහෙ නැති අතරේ මේවට මුණ දෙන්න උනේ මගේ නෝනටනේ
එතන තමයි අවුල තියෙන්නේ
@ StArry aNgeL
ReplyDeleteඑහෙමයි කියල යාළුවො අහක් කරන්නත් බැහැ නගෝ...
රත්තරන් වගේ වටිනා යාළුවෝ ගොඩකුත් ඉන්නවා මට
මම කොළඹ ඉඳං ඉගෙන ගන්නකොට මගේ දෙවෙනි අක්කගේ කසාදෙ ගන්න ලැස්ති උනා.
ඒ වෙලාවේ අපේ ගෙදර සති ගණන් නතරවෙලා තීන්ත ගෑමේ පටන් ගේ දොර අස්පස් කරලා වත්ත සුද්ධ කරන ඒවා පවා කලේ මගේ ඉස්කෝලේ යාළුවෝ
කොල්ලෙකුට යාළුවෝ කියන්නේ ජීවිතේට හරි වටින කොට්ඨාශයක්....
මටනම් උන්ව නැතුවම බැහැ :))
@ Miyuru
ReplyDeleteඑහෙම උනාමනම් එපා වෙනවා නේන්නම්
ඌනම් එල බුවෙක්,
මම හිතන්නේ ඔයා පොරට හොයල දෙන්න ඇත්තේ පඩි ගෙවන්නේ නැති රස්සවක්ද දන්නේ නැහැ
ඒ නිසා වෙන්න ඇති ඌ ඔයාගෙන් සල්ලි ඉල්ල ඉල්ලා කරදර කලේ... :))
@ Observer
ReplyDeleteඅන්න එහෙම එන්න එපැයි
එකට දෙකක් හොයල දෙන්නම්....:))
බරවාහන පැදවීමේ බලපත්‍රයක් සහ අවංකව සේවය කරනවානම් අද උනත් දෙන්නම් ජොබ් එකක්
@ Dude
ReplyDeleteහික් හික්... ඒක ඇත්ත අයියා
ඔබා අයියා දුසිරිතෙන් දුරුවෙලා හරි ඔය කියන ජොබ් දෙකෙන් එකකට ඉල්ලන බව මටනම් ඉරහඳ වගේ ෂුවර්....
@ වර්ණා
ReplyDeleteඅනේ මගේ තුන් හිතකවත් ඌ ගැන කහටක් නැහැ නංගෝ...
ආපහු ඇවිත් මගෙන් උදව්වක් ඉල්ලුවත් මම නොකර ඉන්න එකක් නැහැ
හැබැයි නෝනාගෙන්නම් ආපහු උදව් ගන්නවා බොරු
අර සිද්ධිය උනේ බාලංස පන්තියේදී, අපි ඔක්කොම බොහොම පොඩි එව්වෝ
තව කියන්නනම් කතා ගොඩක් තියෙනවා, මම දාන්නම්කො ඒවත්...
@ දිල්
ReplyDeleteමේ වගේ බොහොම සුළුතරයක් නිසා එහෙම කරන්න බැහැ දිල්...
යාළුවෝ කියන උන්ගේ වටිනාකමත් මම හොඳටම අත්විඳලා තියෙනවා
ඉතින් අතේදුරින් තියාගෙන කොහොමද
යාළුකම් කියන්නේ හරියට නෙල්ලි වගේ
එකඑක වෙලාවට එකඑක රස දැනෙනවා, ඒත් වැඩිපුර දැනෙන්නේ රසක්
මගේ ජීවිතේට යාළුවෝ කරලා තියෙන උදව්දිහා බැලුවහම මම කොහොම උන්ව අතේ දුරින් තියා ගන්නද
@ වසිලිස්සා
ReplyDeleteඔබව ආදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට
සින්දුවනම් මමත් අහල තියෙනවා
ඒත් ජීවිතේට යාළුවෝ කියන්නේ නැතුවම බැරි කොටසක් කියලයි මම අදහන්නේ
ලොකු පුතා අයියේ..අර බෝතල් වල තියන ජාතිය කහ පාටයිද? මට වර්ණ අන්ධතාවේද දන්නේ නැහැ :)
ReplyDeleteමචන් පොඩ්ඩක් අප්සෙට් ගිය ඒ කතාව ඇහුවම.මගේ මොන්ටිසෝරියේ ඉඳල හිටපු යාළුවා මගේ බෝඩිමේ නතර කරලා සල්ලි ගෙවන්නේ නැතිව.එත් ටික දවසක් ඉඳල කියන්නෙවත් නැතිව ගිය.බෝඩිමේ ඇන්ටි මගේ පස්සෙන් ආවා සල්ලි ඉල්ලගෙන.යාළුකම නිසා මොනවත් කියන්න බැහැ .වෙන්න නෝනා හොඳ කෙනෙක් නිසා බේරිලා හිටිය නේ
ReplyDelete@ සයුරි
ReplyDeleteනැහැ නැහැ නගේ, එව්වා "කහට" පාට කියල තමයි මම දාල තියෙන්නේ
කහ පාට එව්වත් තියෙනවා...
මමනම් එව්ව පේන්න බැහැ... ඕක්... :((
ඇත්ත නේන්නම්..මට වර්ණ අන්ධතාවය නෙවෙයි, අකුරු අන්ධතාවය :)
ReplyDelete@ අසරණයා
ReplyDeleteඔව් බන් ලඟින් හිටපු එකෙක් එහෙම කලාම පොඩ්ඩක් හිත රිදෙනවා තමයි.
කරන්න දේකුත් නැහැනේ, යාළුවෝ නිසා
නැහැ බං, එයා කොහොමටත් එහෙම කචල් දාන්නේ නැහැ
අනික මගේ ඇඳුනුම්කම කියල ඌව රස්සාවට දාපු නිසා අපි දෙන්නට තිබ්බේ ලැජ්ජාවක් වගේ හැඟීමක්....:))