මේ කියන සිද්ධිය උනේ මම හතර වසර ඉන්න කාලේ. මේ කාලේ වෙද්දී මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ අක්කල කවුරුවත් නැතුව අනිත් යාළුවො එක්ක බව දැන් හැමෝම වගේ දන්නවනේ.
අපි පුංචි කාලේ තියා මම සාමාන්‍ය පෙළ කරන කාලේ පවා අපේ ගෙදරට විදුලිය තිබුනේ නැහැ. ඒ දවස්වල අපිට තිබ්බ ලොකුම පිහිට තමයි ගෙදර තිබ්බ චිමිනි ලාම්පුව. මේ චිමිණි ලාම්පු එළියෙන් හැදෙන හෙවනැලි වලින් අපි එක එක සත්තුන්ගේ රූප මැව්වා. අපි ඒවාකලේ කොහෙන්වත් දැකලවත් ඉගෙනගෙන නෙමෙයි, අපිට කොහෙන්ද ඒ කාලේ ටීවී. කොහොම උනත් අපි ඒ හෙවනැලි එක්ක සෙල්ලම් කරපු මතකය හරි සුන්දරයි.
මෙන්න මෙහෙම එන දවස්වල අපි කරපු ලොකු දඟවැඩක් තිබුනා. ඒක දඟවැඩක් කියල කිව්වට ඇත්තටම විදුලිය ගැන දන්නේ නැතිකමට කරපු ලොකුම ලොකු මෝඩ වැඩක් කියල තේරුනේ පස්සේ.
අර මං කලින් වතාවක කිව්වා පිණිජම්බු ගහ තිබ්බ ගෙදර මතකයි නේද. අන්න ඒ ගේ පහු කරගෙන පොඩි දුරක් ආවට පස්සේ තිබ්බ ලයිට් කණුවක් එක්ක තමයි මේ පාර අපේ ගණුදෙනුව. ඔයගොල්ලන්ට මතක ඇති නේද ඔය ලයිට්කණු වලට සමහර විට එක පැත්තකිනුත් සමහර එව්වට දෙපැත්තෙන්මත් පොලවට ඇදලා වගේ හයිකරලා තියෙන කම්බි. මේවා හයි කරන්නේ කණුව ස්ථායිව පවත්වා ගන්නත්, කණුව එක්පසෙකට ඇදීයාම වළක්වන්නත් කියල තමයි මම පස්සේ කාලෙක දැනගත්තේ. මෙන්න මේ කම්බියක් එක්ක ඔට්ටුවෙන්න ඒ දවස්වල අපි විතරක් නෙමෙයි අපේ ඉස්කෝලේ ආපු ගොඩක් පොඩි එව්වෝ පුරුදු වෙලා හිටියා.
ඒ කම්බිය අතින් අල්ලල හයියෙන් හෙල්ලුවට පස්සේ ඒක ගිහින් උඩ තියෙන කරන්ට් වයර් දෙකක ගෑවෙනවා. ඒ ගෑවෙද්දී ගිනි පුලිඟු විසිවෙනවා බලන්න තමයි අපි මේක කලේ. අපේ හොඳ වෙලාවට තමයි විදුලිබලය සම්බන්ධ පර්යේෂණ කරලා ලෝකෙට හඳුන්වා දීපු උදවිය මොළේ කල්පනා කරලා ඒ කම්බිය හරහා විදුලිය කාන්දු නොවෙන විදිහට සෙරමික් වලින් හදපු බාධකයක් යොදල තියෙන්නේ. එහෙම නැත්නම් මේක මුලින්ම කරපු එකා සෙත්තපෝච්චි වෙනවා එතනම. හැබැයි ඒ මමනම් නෙමෙයි. මොකද මම මැරෑටි වැඩ කලාට කවදාවත් පළවෙනිය විදිහට ඒවා කරන්නේ නැහැ. කීප දෙනෙක් කළොත් තමයි මමත් කරන්නේ.
පුංචි දවස්වල අපේ එක විනෝදාංශයක් තමයි කියත් කුඩු එකතු කරලා චිමිණි ලාම්පුවට උඩින් හරි ගිනි ගොඩකට උඩින් හරි ඉහින එක. එහෙම ඉස්සට පස්සේ ඒ කියත් කුඩුටික ගිනිගන්නවා හරියට මල් වෙඩිල්ලක් වගේ. මේක දන්න නිසාම තමයි තාත්ත කියතක් පීරී ගාද්දී එකට යටින් පත්තර කොලයක් තියලා ඒ පීරී ගෑවෙන යකඩ කුඩු ටික අපිට එකතු කරලා දෙන්නේ. පුංචිකාලේ ඉඳලම අපි මේ වැඩේට හරි ආසයි, ඒකෙන් පාටපාට ලස්සන ගිනිදැල්ලක් විහිදෙනවා. ඒත් හරි පුංචි වෙලාවක් විතරයි ඒක තියෙන්නේ. ආපහු ඉතින් කියත් කුඩු එකතු කරන්න සමහරවිට මාසගානක් බලං ඉන්න සිද්ධ වෙනවා. මොකද කියත් කියන ඒවා හැමදාම පීරිගාන්නේ නැහැනේ. තාත්තම තමයි අපිට පුංචි කාලේ මේක කරන හැටි කියල දුන්නේ. මේ පින්තුරේ එච්චර පැහැදිලි නැති උනාට ඒවා ගිනි ගනිද්දී මෙන්න මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. හැබැයි මිට වැඩිය ලස්සනට පාට පාටට තමයි ගිනි ගන්නේ.
ඒ නිසාම වෙන්න ඇති ඊටත් වඩා ලොකු එළියක් විහිදෙන ඕනේ වෙලාවක අපිටම කරන්න පුළුවන් ලයිට් කම්බියේ "ගිනිකෙළි" සෙල්ලමට අපි ආස උනේ.
අනිත් අයත් කරන නිසා සහ බයවෙන්න දේකුත් නැති නිසා මමත් එකම එක දවසක් මේ වයර්එක හොල්ලන වැඩේ කරන්න ඉදිරිපත් උනා. ඒ ලයිට් කණුව තිබ්බේ අපි ඉස්කෝලේ ඇරිලා එද්දී පාරේ දකුණුඅත පැත්තේ. මාත් එක්ක ආපු අනිත් ළමයි කීපදෙනා පාරේ වම් පැත්තට ගිහින් ගිනිකෙළි සංදර්ශනේ බලන්න සුදානම් උනා.
මමත් වෙරදාල වයර් එක හෙල්ලුවා, ලොකු එළියක් වටේටම විහිදුනා. ඒ එක්කම මොකක්දෝ මන්ද අමුතු දෙයක් සිද්ධ උනා. දඩස් ගාල සද්දෙකින් අර උඩින් එල්ලිලා තිබ්බ විදුලි රැහැනක් මගේ කකුල් දෙක මුලටම ඇදගෙන වැටුනා. මම අල්ලාගෙන හිටපු එක නෙමෙයි, උඩ තිබ්බ විදුලිය ගමන්කරන කම්බියක් තමයි කඩාගෙන වැටුනේ. ඒ එක්කම පාරේ බයිසිකලයක් පැදගෙන ගිය මනුස්සයෙක් නතර කරලා "ඒයි ඒයි" ගාල මහා හයියෙන් කෑ ගැහුවා.
මගේ අතින් වයර් එකක් කැඩුණු එකටයි මේ මනුස්සය කෑ ගහපු එකටයි බය වෙච්ච මම අනිත් අයත් එක්කම පණ එපෝ කියල දුවන්න පටන් ගත්තා.
ඒ කාලේ විදුලියෙන් වෙන්න පුළුවන් හානි ගැන මම දැනගෙන හිටියේ නැහැ. මම බය උනේ මගේ අතින් වයර් එකක් කැඩිච්ච නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි, ඇත්තටම බලද්දී මගේ වාසනාවට තමයි ඒ වයර් එක මගේ ඇඟට වැටුනේ නැත්තේ කියලා තේරුණේ ටිකක් ලොකු උනාට පස්සේ.
අද මම 1. දැන් යමු කතාව කියවන්න
ReplyDeleteඅම්මෝ ලොකු බේරිලා තියෙන්නේ 99න්. අර කියත් කුඩු විසික් කරලා කරන සෙල්ලම අපිත් කරලා තියෙනවා. ලයිට් මට මතක ඇති කාලෙක ඉදන් තිබුනා. අපේ සියා ඕක කියලා දුන්න අපිට චිමිනි ලාම්පුවක් පත්තු කරලා. ඇත්තටම ඒ අත්දැකීම මට මේක කියෙව්වමයි මතක උනේ,
ReplyDeleteවයර් වැඩනම් අපි කරලා නැහැ, එත් අපි 11 වසරේදී, පන්ති ඇරිලා ගෙදර යද්දී දවසක් අපේ ඉස්සරහින් ලොකු වයර් එකක් බිමට පාත් උනා. ඒ ලග හිටපු ගෙදර අන්කල් කෙනෙක් කෑගැහුවා. අපි පන එපා කියලා ආපස්සට දුවන් ගියා. හිහි. ඩොන් ගාල සද්දෙකුත් එක්කමයි අරක කඩන් වැටුනේ. අම්මියෝ එදානම් හොදටම බය වුනා..
ජීවිතේ බේරිලා තියෙන්නෙ අනූ නවයෙන්.. ගිනි කූරුවල තියෙන වෙඩි බෙහෙත් එකතු කරලා ඊයම් කොලවල ඔතලා ගල් උඩ තියලා මිටියකින් ගහනවා අපි ඒ කාලෙ.. ඒ කාලෙ කිව්වෙ අර චීන පටස් කියන ජාතිය නැති කාලෙ..
ReplyDeleteඅවුරුදු කාලෙට උන බම්බු වෙඩි, තව කාලෙකට ගෑස් බැලූන්, වෙසක් කාලෙට අහස කූරු [අහසට නෙමේ පාර දිගේ] එතකොට කැප් තුවක්කු, පස්සෙ කාලෙක එයාර් ගන්, කීයක් ජාති සෙල්ලං තිබ්බද පොඩි කාලෙ.
ReplyDeleteඅතීතයේ සිදුවුණු මේ වගේ සුන්දර මතක සටහන් කොතෙක්නම් තියෙනවද ?
ReplyDeleteඅපේ ගෙවල් පැත්තේ අළුතෙන් පටන් ගත්තා කර්මාන්ත පුරයක්,ඒක වටේ කහ පාටට හුරු ලොකු ලයිට් දාලා තිබුනේ , ඒවට ගල් ගහන එක තමයි එකම විනෝදේ,හරිම ගදයි ඒ බල්බ් බිදුනම.....
ReplyDeleteසෙල්ලන්ද කොල්ලෝ කරන්ටෙකත් එක්ක ?
ReplyDeleteතව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් ලොකු පුතෙක් නෑ නේද? "අනේ උඹ වගෙ මෝඩයෙක්!" කියලා කියන්න බැරි මමත් ඔහොම ගොං වැඩ කරලා තියෙන නිසායි.
ReplyDeletehenryblogwalker the Dude
සෙල්ලම් ලෙල්ලම් වෙනව කියන්නෙ බොරු නෙවේ වෙලාවකට....
ReplyDeleteඅනේ ඉතින් අපේ කාලෙට එද්දී ඔය නිදහස් වටා පිටාව තරමක් අයින් වෙලා ................ දැන් ඒක තවත් අපෙන් ඈතට ගිහින්
ReplyDeleteතව නූලෙන් උඹට දිව්‍ය ලොකේ තමා බ්ලොග් ලියන්ඩ වෙනේ...
ReplyDelete@ වර්ණා
ReplyDeleteහි.. හී...
කියත් කුඩු සෙල්ලමනම් හරි ෂෝක් නේද නංගි
මේ වතාවේ විතරක් නෙමේ, ඊට පස්සෙත් කීප වතාවක්ම මැරෙන්නේ නැතුව බේරුනා... හැබැයි මේ වගේ මෝඩ වැඩ කරලා නෙමෙයි..
ඒ කතාවලුත් දාන්නම් පස්සේ වෙලාවක
මම විතරක් නෙමෙයි ඔයත් බේරිලා තියෙන්නේ 99 න් වගේ.... :))
@ Weni
ReplyDeleteතව ජිවත් වෙන්න වාසනාව තිබිල තියෙනවා...
චීන පටස් කියන ජාතිය අපිටත් වැඩිය ලැබුනේ නැති ජාතියක්
මමත් මේ විදිහට ගිනිකුරු වෙඩි බෙහෙත් සෙල්ලම කරලා තියෙනවා...
මම තව ගිනිකුරු වෙඩි බෙහෙත් එක පැත්තක් වහපු හීනි යකඩ හරි ඇලුමිනියම් හරි බටයක් ඇතුලට දාල වහපු කොන රත්කරලා පුංචි තුවක්කු විදිහටත් පත්තු කරලා තියෙනවා ඒ දවස්වල
දැන් පුදුමත් හිතෙනවා අතක් පයක් කඩාගන්නේ නැතුව මේ විදිහට ඉන්න එක ගැන :)
@ Observer
ReplyDeleteඔබා මාමගේ පරණ කතාත් ලියන්නකෝ...
මට හොඳටම ෂුවර් හොඳ හොඳ මැරෑටි වැඩ කරලා ඇති ඒ දවස්වල
@ සජීව විජේවීර
ReplyDeleteඔබව සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් එකට
ඔව් සහෝදරයා අතීතය කියන්නේ අපි හැමෝගෙම ජිවිතවල හොඳම මතකයන් හංගගෙන ඉන්න තැනක් තමයි
@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteඋඹලත් පුදුම වැඩනේ කරලා තියෙන්නේ ඒ දවස්වල...
පුදුමයි පොලෝසියෙන් ඇවිත් කුදලාගෙන ගියේ නැති එක.
@ හිස් අහස
ReplyDeleteඔව් බං,,, පුංචි කාලේ නොදන්න කමට කරපු මෝඩ වැඩනේ
ගෙදර කරන්ට් එක තිබුනනං මෙව්වා ගැන ටිකක් දැනුවත් වෙන්න තිබ්බා
ඒත් ඉතින් අපේ ගෙවල් හරියට ලයිට් ලැබුනේ මම උසස් පෙළ කරද්දීනෙ
@ වින්චැට්කිරිල්ලි.
ReplyDeleteඔව් තව පොඩ්ඩෙන් මම එළොව තමයි
@ මගේ දිනපොත..........
ReplyDeleteදැන් කාලේ ළමයින්ට අපිට තිබ්බ නිදහස නැහැ වගේම, අපේ තාත්තල පුංචි කාලේ එයාලට තිබ්බ නිදහස අපිට තිබ්බේ නැහැ
සමාජේ දියුණුවෙලා ඉස්සරහට යද්දී මේ හැමදෙයක්ම වෙනස් වෙනවනේ
මොනවා කරන්නද.
වෙනස දරාගෙන ජීවත්වෙනවා ඇරෙන්න
@ Raj
ReplyDeleteහික් හික්... ඒක ඇත්ත
කවුද බං දන්නේ දිවියලෝකේද අපායද කියල නුලෙන් මිස් උනේ...
මගෙ අම්මෝ... බේරිච්චි බේරිල්ල.... පුහ්....
ReplyDeleteඒකනෙ අපි ඒ සමාජ කමය හොද විදියට අපිට ගලපගෙන යනවා මිසක් ...හොදයි කියලා පරණ විදිය පස්සේ යන එක බොරැ වැඩක්
ReplyDeleteඅනේ මට ඔයාගේ එක පෝස්ට් එකක් මිස් වෙලාද කොහෙද? දඟ වැඩමයි කරලා තියෙන්නේ නේද? මට පේන විදියට පොඩ්ඩි විතරයි පොඩි කාලේ හොඳ ලමයෙක් වගේ ඉඬ්හ්ලා තියෙන්නේ..හී හී....
ReplyDeleteමාර බේරිල්ලක්නෙ ලොක්කා බේරිලා තියෙන්නෙ!! "උඹත් මහා ගොං වැඩනෙ කරලා තියෙන්නෙ"කියලා කියන්න කටට ආවත් මමත් කරලා තියෙන්නෙ ඔය වගේම හෝ ඔයිට අන්ත ගොං වැඩ නිසා ඒක ගිල්ලා.
ReplyDeletehenryblogwalker the DUDE
මම කරන්ට් එකත් එක්ක දාපු සෙල්ලමෙන් මායි මල්ලියි දෙන්නම එළොව යනව තව පොඩ්ඩෙන්
ReplyDeleteඉමර්ශන් හීටර් එකක් වගේ කම්බියක් දඟර ගහල වතුර ජෝග්ගුවකට දාල, කම්බියෙ අනිත් කොං දෙක ගැහුව පවර් [ප්ලග්] පොයින්ට් එකකට. හිතාගත්තෑකිනෙ වෙච්ච දේ...
@ Miyuru
ReplyDeleteවෙලාවේ හොඳකම තමයි... :)
@ මගේ දිනපොත..........
ReplyDeleteබොහෝදුරට ඔයා හරි...
ඒත් මමනම් පරණ විදිහට තාමත් කැමතියි, පිළිපදින්න පුළුවන් වෙලාවට පරණ ක්‍රමවේදයන්ට මුල් තැනක් දෙන්න බලනවා
ඒත් හැමදේකටම නෙමෙයි ඕං...
@ Podi Kumarihami
ReplyDeleteඒකට මක්වෙනවද කුමාරිහාමිනේ.
වළව්වේ උදවියව වගේ අපිව බලාකියාගන්න කවුරුවත් හිටියේ නැහැනේ
ඒ නිසා පොඩ්ඩ බැරිවෙච්ච ගමන් මොකක්හරි මැරෑටි වැඩක් කරන එක අහන්නත් දෙයක්ද... හික් හික්.
@ Dude
ReplyDeleteආයෙත් අහලා...
ලියමුකො බලන්න අයියත් කරපු වැඩ
@ Observer
ReplyDeleteහික් හික්... ඔබා මාම අයියත් මරු වැඩනෙ කරලා තියෙන්නේ
ඉතින් වතුර ජෝග්ගුව නැටුවේ නැතෙයි :))
මමත් වතාවක් LED බල්බ් එකක් මේ විදිහට ප්ලග් එකකට ගහල ස්විච් එක දැම්මා
ඩෝං ගාල සද්දයක් එක්ක ලොකු ගිනි බෝලයක් විසිඋනා
ටිකවෙලාවක් යනකල් ඇස් දෙක පෙනුනෙත් නැහැ
කතාවනම් නියමයි ලොක්කා.අපි පොඩි කාලේ වෙඩි බේත් හොයාගෙන ඒකට ගිනි දානවා.ඒකෙනුත් ඔය ආතල් එකම ගත්තා.සමහර කොල්ලො අදටත් එහෙම කරනවා.....
ReplyDeleteහෑමදාම වගේ ඉතින් සුබ පතනවා දිගටම ලියපන්
උඹ ඉස්කෝලේ යන කාලේ හරි කුලටියි කිවුවනේ.එත් උඹ කරලා තියෙන්නේ මදාවි වැඩ නේ හික් හික්
ReplyDeleteමොනවා උනත් වාසනාව තිබුන නිසා අනතුරක් නොවී බේරිලා තියෙනවා..
ReplyDeleteඅනේ ඔව් 99 න් තමයි මමත් බේරුනේ. කියත් කුඩු සෙල්ලමනම් මාරු තමයි අයියේ. අපි ඉතින් ඕනෑම කරලා එක පිරි ගාල කුඩු කරගන්නවා.
ReplyDeleteහප්පේ මැරෑටි වැඩක් නේන්නම් කරලා තියෙන්නේ..අනු නමයෙන් බේරිලා..
ReplyDelete@ Dinesh
ReplyDeleteඔව් බං, ඒ වාසනාව තාමත් මගේ වටේ කැරකෙන නිසා කී වතාවක්නම් මේ වගේ එක එක දේවලින් බේරිලා ඇත්ද....
@ වර්ණා
ReplyDeleteඒකත් හොඳ වැඩක් තමයි.
@ සයුරි
ReplyDeleteඒ පොඩි කාලෙනේ, දැන් මං හොඳ ළමයෙක්
අම්මෝ ලොකූ ඔයා නම් ඒකාලේ හරි අන්ඩපාල වැඩ කරලා තියෙන්නේ නේද?
ReplyDelete