මම හතර වසරේ ඉන්න කාලේ අපේ ඉස්කෝලෙට අලුත් ටීචර්ලා තුන් දෙනෙක් ආවා. දෙන්නෙකුට ශිෂ්‍යත්ව පන්ති බාර දුන්නා. අනිත් ටීචර් ටිකක් ලොකු පන්ති වලට ඉංග්‍රීසි උගන්වනවා. මේ ටීචර්ලා දෙන්නගෙන් එක ටීචර් කෙනෙක් අපේ අක්කලාගේ පන්තියට ඉගැන්නුවා. කවදාවත් එකම ළමයෙක්වත් ශිෂ්‍යත්වේ පාස් නොවෙච්ච අපේ ඉස්කෝලෙන් මුලින්ම ශිෂ්‍යත්වේ පාස් උනේ අපේ චුටි අක්කයි, තව දෙන්නෙකුයි. චුටි අක්ක ශිෂ්‍යත්වේ පාස්වෙලා කොළඹ ඉස්කෝලෙකට යන්න ඕනේ කියපු නිසා අම්මලා එයාව කොළඹ ලොකු ඉස්කෝලෙකට දැම්මා.
අන්තිමට මාවත් මේ කියපු අලුත් ටීචර් කෙනෙක්ගේ පන්තියකට වැටුනා. ඒ ටීචර්ගේ නම "විජිතා" ටීචර්. අක්ක ශිෂ්‍යත්වේ පාස් වෙච්ච නිසා මට ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ගොඩක් තර්ජන එල්ල වෙන්න අරගෙන මගේ ජිවිතේ එපා වේගෙන ආපු කාලයක් තමයි මේ. තර්ජනේ තමයි "ඔහොම ගියොත් නම් අක්ක වගේ ශිෂ්‍යත්වේ පාස් වෙන්න වෙන්නේ නැහැ" කියන වචන ටික. ඉතින් මං කියල මක් කරන්නද. මේක මහා කන්දොස්කිරියාවක්. මේ වැඩ නිසා අපිට හොරා පොලිස් සෙල්ලමවත්, ඔට්ටු සෙල්ලමවත් කරන්න විදිහක් නැහැ.
ඒ මදිවට මම කවදාවත් පන්තියේ මුල් දහදෙනා අතරටවත් ආපු කෙනෙක් නෙමෙයි. මේක ඉස්කෝලෙන් අස්වෙනකම්ම එහෙමමයි.
මම ඕ ලෙවල් පන්තියේ හිටිද්දී අපේ පන්තියේ ළමයි 51 ක් හිටියා. මම ඕකේ හොඳම තැනකට ඇවිත් තියෙන්නේ 22 වෙනියට, 49 වෙනියා වෙලත් තියෙනවා.
මම ඉතින් ඉස්සර ඉඳලම ඔය තරඟවලට නැති අහිංසක මනුස්සයනේ....:)
හැබැයි ඒ වගේම මගේ ප්‍රගති වාර්තා බලල කවදාවත් අපේ ගෙදරින් මට සද්ද බද්ද දැම්මෙත් නැහැ.
එහෙව් මම පහේ පන්තියේ හිටිද්දී කියල කිසි වෙනසක් නැහැ, අනිත් ළමයි කරන විදිහටම අපේ පන්ති භාරව හිටපු විජිතා ටීචර්ගේ යටතේ මමත් සතර පොතේ හිස්තැන් පිරෙව්වා. මිස් දෙන ගණනුත් එහෙං මෙහෙන් හැදුවා. හිත අස්සේ ලොකු ඉස්කෝලෙකට යන්න ආසාවකුත් නොතිබුනාම නෙමෙයි. මේ කාලවකවානුව වෙද්දී අපිට හවස පන්ති එහෙමත් දාල ඉස්කෝලෙම උගන්නන්න පටන් අරගෙන තිබ්බ නිසා අමතර පන්ති වලට යන්න කිසි උවමනාවක් ඇති උනේ නැහැ.
මෙහෙම ගිහින් අන්තිමට ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිඵල ආවට පස්සේ බලද්දී 11 දෙනෙක් විභාගේ පාස් වෙලා තිබුනා. මෙන්න බොලේ මගේ නමත් තියෙනවා ඒ අතරේ.
ඉතින් ඔන්න මටත් දැන් සතුටුයි ටිකක් නෙමෙයි ගොඩක්ම. දැන් ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන්නේ. ගෙදර ගිහින් මේ ආරංචිය කියනකං ඉවසුමක් තිබ්බේ නැහැ එදා.
ගෙදර ගිහින් මේක කියද්දී අම්ම කිව්වේ "මම දන්නවා මගේ දරුවන්ට වරදින්නේ නැහැ" කියලා. ඒ වගේම සංවේදී වෙන ඕනෙම වෙලාවකම අම්මගේ අස් දෙකේ දිදුලන කඳුළු කැට මම පැහැදිළිවම දැක්කා. ඒ කඳුළු බින්දු අපේ ජීවිතවලට හැමදාම හයියක් උනා.
මම වගේ ළමයෙක් ශිෂ්‍යත්වේ පාස් උනාට අපේ පන්තියේ හිටපු මට වඩා දක්ෂතා පෙන්නපු ළමයි, ගුරුවරුන්ගේ දරුවෝ ගොඩ දෙනෙක් පාස්වෙලා තිබුනේ නැහැ.
අපේ තාත්ත මම පුංචි කාලේ ඉඳලම කලේ පොඩි ව්‍යාපාරයක්. අපේ ගෙදරම තමයි ඒක කරගෙන ගියේ. තාත්ත තමයි ඒකේ ලොක්කා. අම්ම තමයි පරිපාලන කටයුතු සහ නිෂ්පාදන කටයුතු. තාත්ත කොළඹ ගිහින් බඩුමුට්ටු (අමුද්‍රව්‍ය) ගේන එක, හදන බඩුමුට්ටු කඩවලට දාල විකුණන එක සහ සියලුම මුදල් පාලන කටයුතුත් කලා.
මේක මහාලොකු ව්‍යාපාරයක් නෙමෙයි, අපේ ගෙදර වියදම හොයාගන්නත් අපි පස් දෙනාගේ ඉගෙනීම කටයුතු ටික කර ගන්නත් ප්‍රමාණවත් මට්ටමකින් තමයි ඒ කාලේ තිබුනේ. හැබැයි කිසිම අඩුපාඩුවක් නොවෙන්න අපේ ජිවිත ගෙනියන්න තාත්ත කරපු ඒ ව්‍යාපාරය හොඳටම ප්‍රමාණවත් උනා.
දැන් චුටි අක්කත් කොළඹ ඉස්කෝලෙක ගිහින් නතරවෙලා ඉගෙන ගන්න නිසා මටත් කොළඹ යන්න ඕනෙ උනා(තියෙන මෝඩකමට) කොළඹ තියෙන ලොකුම ඉස්කෝල තුනටම යන්න මට ලකුණු මදි. ඊට තරමක් පහළින් තියෙන ඉස්කෝලයක් තමයි මට ලැබුනේ, මම හිතන්නේ ඒ ඉස්කෝලේ අයිතිඋනේ තුන්වන පෙළ පාසල් ඝනයට. ඒවායේ අධ්‍යාපන කටයුතු වල තත්ත්වය ගැන හොයල බලන්න තරම් දැනුමක් මගේ අම්මට තාත්තට ඒ දවස්වල තිබුනේ නැහැ. ඇත්තටම ඒ ඉස්කෝලේ ක්‍රීඩා වලට ගොඩක් ප්‍රසිද්ධ එකක්. ඒ වගේම තමයි පස්සේ කාලේදැනගත්තු විදිහට ඒක මැරවැඩ වලට ප්‍රසිද්ධ ඉස්කෝලයක්.
මම අවුරුදු පහක් ඉගෙන ගත්තු ගමේ ඉස්කෝලෙට සමු දෙන්න ගිය වෙලාවේ අපි ඉස්කෝලෙන් අස්වෙන එකට ඉස්කෝලේ මුල් ගුරුතුමා ඒ තරම් කැමැත්තක් දැක්වුවෙත් නැහැ. කොහොම නමුත් මගේ පුංචි කාලේ දඟවැඩ ඔක්කොම මතක සටහන් තියෙන ගමේ ඉස්කෝලේ දාල යන්න මම හිත හදාගෙන උන්නේ. ඒ නිසාම සහ අම්මල තාත්තල උනත් මම කොළඹ ගිහින් හොඳට ඉගෙන ගන්නවට තියෙන කැමැත්ත නිසා මාව අස්කරගෙනම යන්න ඕනේ කියන මතයේම හිටියා. ඉතින් ඒ විදිහට මම මගේ පළමු ඉස්කෝලෙට වැඩි දුකකින් තොරවම සමු දුන්නා.
මෙන්න මේ විදිහට ගිහින් ඒ ඉස්කෝලෙට මාව බාර දෙන්න යන දවස උදා උනා.
උදේ පාන්දට 3 ට විතර නැගිටලා කුප්පි ලාම්පු එළියෙන් ගිහින් මුණකට හෝදගෙන අපි ලකලෑස්ති උනා. ඕනෙම ගමනක් යන්න කලින් අදටත් ඕනෙම පාන්දරක නැගිටලා කන්න පුළුවන්කම තියෙන හීල්බත් කටක් දෙකකුත් බඩට දා ගන්නත් මම අමතක කලේ නැහැ. ඊට පස්සේ තාත්තයි අම්මයි මමයි තුන්දෙනා කිලෝමීටර 2 ක් විතර දුරින් තියෙන හන්දියට ගියා තාත්තගේ මෝටර්බයික් එකේ.
මෙහෙම ගිහං අපි කොළඹට එද්දී වෙලාව උදේ 7 කිට්ටු වෙන්න ඇති මගේ හිතේ. අපිත් දන්නා කියන අයගෙන් පාරවල් අහගෙන අර කියපු ලොකු ඉස්කෝලේ හොයාගෙන ගියා.
ඇත්තටම ඒක ලොකු ඉස්කෝලයක්. ටික වෙලාවකින් මොනමොනවද ලියකියවිලි වැඩ එහෙම කරලා අපිව පන්ති වලට දැම්මා. මාව වැටුනේ 6-4 පන්තියට. වාසනාවකට වගේ ගමෙන් ආපු මම වගේ ළමයි කීප දෙනෙක් ඒ පන්තියේ හිටියා. අන්තිමට මම ඉස්කෝලේ ඇරිලා මම එනකල් බලාගෙන හිටපු අම්මයි තාත්තයි ගාවට ගියා. මේ ඉස්කෝලේ නතරවෙන්න හොස්ටල් එකක් නැතිබව අම්මල කලින් දැනගෙන හිටියද නැද්ද කියල මම දන්නේ නැහැ. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මේ ඉස්කෝලේ හොස්ටල් නැහැ කියලා. මම බලාගෙන හිටියේ චුටි අක්ක ඉන්න විදිහට ඉස්කෝලේ හොස්ටල් එකේම නතරවෙලා ඉස්කෝලේ එන්න.
දැන් ඉතින් කොහෙද නතර වෙන්නේ.
අම්මයි තාත්තයි ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙද්දී ඒකටත් පිළියමක් ගුරුවරයෙක් හරහාම හොයාගෙන තිබුනා. සමහර ගුරුවරු අපි වගේ දුරින් ආපු ළමයින්ව තමන්ගේ ගෙවල්වල නතර කර ගන්නවලු. මාවත් එහෙම ගුරුවරයෙක්ගේ ගෙදරක නතරකරවන්න අම්මල මේ වෙද්දී කතා කරගෙන තිබුනේ.
ඒ ගුරුවරයගේ නම "සුනිල්රත්න", මේ ඇත්තම නම. (මම බ්ලොග් එකේ ගොඩක් වෙලාවට දාන්නේ මගේ ජිවිතයේ හම්බ වෙච්ච මිනිස්සුන්ගේ ඇත්ත නම්, ඒකට හේතුව මම දාන්නේ අනුන්ගේ කතාවක් නෙමෙයි මගේම ජිවිතයේ කතාව නිසා) ඒ සර්ගේ ගෙවල් තිබුනේ පිටකෝට්ටේ රජමහා විහාරය ගාවමයි. අපි තුන් දෙනා එක්ක බස්එකේ ඒ සර්ගේ ගෙවල් හොයාගෙන යද්දී එයා එයාගේ මෝටර් සයිකලෙන් ගෙදරත් ඇවිත්. ඒ දවස්වල බැද්දගාන පිටකෝට්ටේ බස් විදිහට තිබ්බේ පොඩි පොඩි වෑන් බස්. ඒවායේ යද්දී ලොකු මිනිස්සු ඔළු නමාගෙන යන්නේ. ඒ මදිවට පුදුම සෙනගක්, මම මේ කියන්නේ 1991 කාලේ.
ඒ ගෙදර හිටියේ සර්, එයාගේ තරුණ බිරිඳ සහ සර්ගේ නැන්දම්මා සහ මාමණ්ඩිය විතරයි. ගෙදර වැඩට ගෑනු කෙනෙක් හිටපු බවත් එයා ගමේ ගිහින් තව දවස් දෙකකින් ආපහු එන බවකුත් තමයි දැනගන්න ලැබුනේ.
හැමදාම උදේට සර් එක්ක ඉස්කෝලේ යන්න පුළුවන් බවත් තුන් වේලටම කෑම ඒ ගෙදරින් දෙන බවත් එයාල කියල තිබ්බා. මාසෙකට ගාණ රුපියල් 1300 ක් ලු. මෙච්චර ලොකු ගාණක් මගේ අම්මයි තාත්තයි දෙන්න එක්ක ගෙව්වේ කොයි තරම් අමාරුවෙන්ද කියල හිතන්නේ බලන්නේ නැතුව කොළඹ ඉස්කෝලේ යන්න ඕනේ කියපු එකගැන මට අදටත් දුකයි.
ඒ මදිවට මේ කාලේ වෙද්දී අපේ ලොකු අක්කත් විද්‍යා අංශයෙන් උසස්පෙළ කරන්න පටන් අරගෙන කොළඹ පන්ති එනවා. මේ කාලේ වෙද්දි අපේ ආසන්න නගර වලත් විද්‍යා විෂයන් වලට පන්ති තිබිලා නැහැ. චුටි අක්කත් කොළඹ ඉස්කෝලෙක නතරවෙලා ඉගෙන ගන්නවා. දෙවෙනි අක්කත් සාමාන්‍යපෙළ විභාගේ කරන කාලේ. අම්මටයි තාත්තටයි මේ තරම් වියදමක් දරා ගන්න පුලුවන්ද කියල හිතල බලන්න තරම් දැනුමක් මට ඒ කාලේ තිබ්බේ නැහැ.
අන්තිමට දඩිබිඩියේ මාව එහේ නතරකරපු අම්මයි තාත්තයි දෙන්න ගෙදර එන්න රෑ වෙන නිසා ඉක්මනට යන්න පිටත් උනා. ජිවිතේ පළවෙනි වතාවට තට්ටතනියම නොදන්නා ගෙදරක නතර වෙච්ච පළවෙනි දවස තමයි ඒ. මට පුදුම තනිකමක් පාළුවක් දැනුනා. ඒ වගේම කවදාවත් විදුළි එළියක් ඇති ගෙදරක ජිවත් නොවිච්ච මට ඒ වෙනසත් තදින්ම දැනුනා. ඒ මදිවට මදුරුවෝ. අපේ ගෙවල්වල කවදාවත් මදුරුවෝ නැහැ. ඉතින් මුළු ලෝකෙමවත් ඒ තරම් මදුරුවෝ තොගයක් ඉන්නවා ඇති කියල මට විස්වාස කරන්නත් බැරි තරම්. ඒ මදිවට මට ලැබිච්ච කාමරේත් පුදුම රස්නයක් තිබුනේ. ඒ ගෙදර වහලට දාල තිබුනේ ඇස්බැස්ටෝස් ෂීට්. අහලපහළ තිබුණු ගස් කීපය නිසාවත් කිසිම සහනයක් තිබුනේ නැහැ.
ඒ මදිවට අදටත් කමිසයක් උඩට ඇඳගෙන ගෙදර ඉන්න පුරුද්දක් නැති මට කමිසෙකුත් ඇඳගෙනයි මේ ගෙදර ඉන්න වෙලා තිබුනේ.
එදා රෑ මට කවදාවත් හුරු නැති විදිහට මේසෙට බත් බෙදලා ඇවිත් කන්න කිව්වා. වෙනදට කුස්සියට වෙලා අම්මගේ අතින්ම බෙදල අතට දෙන රසම බත් එකේ රස මතක් කරගෙන කිසි රසක් නැති බත් වේලක පළමු බත්කට කෑවා.
අන්තිමට නිදාගන්න ගිහින් කාමරේ දොරත් අඩවල් කරලා ඇඳ උඩට නැගලා අපේ ගේ පැත්ත තියෙනවා කියල හිතින් හිතා ගත්තු පැත්තට හැරිලා වෙනද අම්මගෙයි තාත්තගෙයි කකුල් දෙක ගාව ඉඳගෙන කියන ගාථා දෙක මතුරලා නිදා ගන්න ඇඳට ගියා.
දසමාසේ උරේකත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයු දීඝං වස්වසතන්
මාතුපාදන් නමා මහං
උද්ධිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකන්
රාජමජ්ජන් සුපටිත්තන්
පීතුපාදන් නමා මහං
හරි අමාරුවෙන් මව්පියන්ට වඳින ගාථා මතක් කරගන්න ඕනේවෙන තරමට දැන් අපි එයින් බැහැරවෙලා. විපාක අපිටම ලැබෙයි....හ්ම්ම්.
ගාථාවල වරදක් තියෙනවනම් කරුණාකරලා පෙන්නලා දෙන්න :(

ගෙවල් වල කොයි තරම් ප්‍රශ්ණ තිබුනත් අම්මලා අපිට ඒක දැනෙන්න තියන්නේ නෑ.. මටත් මතකයි ඒ දවස් වල එයාලා බඩගින්නේ ඉදන් අපිට කන්න දීලා අපිව නිදි කරවනවා..
ReplyDeleteමං කොච්චර හොඳට ශිෂ්‍යත්වෙ පාස් උනත් අපේ අම්ම මාව කොළඹ ඉස්කෝලෙකට යැව්වෙ නැත්තෙ අම්ම ඉස්කෝලෙ යන කාලෙ හොස්ටල්වල නැවතිලා හිටපු එක්කෙනෙක් හින්දා... අම්ම කිව්වෙ ඒ කාලෙම හිතාගත්තය කියල එයාගෙ දරුවෙක් නම් කවදාවත් බෝඩිංවල නවත්තල ඉස්කෝලෙ අරින්නෙ නැතෙයි කියල.... ඒ හින්දා අපිට නම් වාසනාව තිබ්බ ගෙදර ඉඳන් ඉස්කෝලෙ යන්න.... මේව කියවනකොට හිතෙනව පුංචි කාලෙ අම්ම එහෙම තීරණයක් අරන් තිබ්බෙ අපේ වාසනාවට කියල....
ReplyDeleteඅනේ ලොකු පුතාට හුඟක් දුක හිතෙන්නැති එච්චර පුංචි වයසෙන් එහෙම නවතින්න උනාම නේද... පව් අම්මල තාත්තල මොන බැරි අමාරුකම් තිබුනත් ඒව පෙන්නන්නෙ නැතිව එයාල දුක් විඳින්නෙ දරුවන්ට හොඳ අනාගතයක් දෙන්න හිතාගෙනනෙ....
මම ශිෂ්‍යත්වෙ හොදට පාස් වුනාට මට හිතුනේ නෑ කොළඹ ඉස්කෝලෙකට යන්න. ඇයි දන්නේ නෑ. ගොඩක්ම යාළුවො ටික දාල යන්න බැරිකම වෙන්න ඇති. මට හිතෙනවා මම කොළඹ ගියානම් අද ඉන්න තැනට එන්න ලැබෙන එකක් නෑ කියලා.
ReplyDeleteඅනේ පව් අනේ. මට නම් හොඳටෝම දුක හිතුනා. අර පුංචි කාලේ වැරදියට ගාථා කියමින් වැන්ද ලොකු පුතාටයි, එයාගේ අක්කලාට උගන්නන්ට මහන්සි උනු එයාගේ අම්මාටයි , අප්පච්චිටයි.
ReplyDeleteඒවගේම අර එදා නිකරුනේ මැරිලා ගිය මදුරුවන්ටත් දුක හිතුනා...:D:D
ඇත්තටම හිත රිදීගන යන ලස්සන කතාව ලොකු පුතේ....:)))
@ Dinesh
ReplyDeleteඔව් දිනේෂ්...
ඒ වගේ මතක මටත් තියෙනවා
ඒ කතාව තමයි මම මේ ලියාගෙන යන්නේ
@ Miyuru
ReplyDeleteදැන් මටත් හිතෙන්නේ එහෙම නිසා ඔයාගේ අම්මල එදා ගත්තු තීරණේ හරි කියන මතයේ තමයි මමත් ඉන්නේ
මටත් මේ දුක හැමදාම විඳින්න උනේ නැහැ
අපි පොඩි කාලේ ඉඳලා අපේ වැඩ තනියම කරගත්තු නිසා මට ලොකු අමාරුවක් උනේ නැහැ බෝඩිම් ජිවිතේ
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා
@ Pradeep Gunarathna
ReplyDeleteඔබව සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා....
මට ඒ වැරැද්ද හදාගන්න අවස්ථාවක් ලැබුනා
ඒ නිසා මටත් වැරදුනේ නැහැ
@ Podi Kumarihami
ReplyDeleteදුක් වෙන්න දෙයක් නැහැ පොඩ්ඩියේ
ඒ තමයි ජිවිතේ හැටි...
ගාථා වල වැරද්දක් තියේනම් කියලම යන්නකෝ පොඩ්ඩි
මට හරි ගාථා(මම දාල තියෙන ඒවා වැරදිනම්) හොයාගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ මේ වෙලාවේ
මගේ මතකයේ හැටියට ලිව්වා
තාම හිත රිදෙන්න පටන් ගත්තා විතරයි පොඩ්ඩි....
අනේ මට ඇඩුනා ලොකු.. මමනම් ඔච්චර පුංචි කාලේ නම කොහෙවත් නතර වෙලා නැහැ. මට අම්මා ව කොයි වෙලෙත් ඕනා ඉස්සර ඉදන්ම, දැනුත් එහෙමයි.
ReplyDeleteA/L කරද්දී මාස 3 ක් අම්මිගේ යාලුවෙක්ගෙ ගෙදර, එයාගේ දුවත් මගේ හොදම යාලුවා . එහෙ නතර වුනා හෝමාගම. මට එපාම වුනා. පිස්සු හදුනා කියුවොත් හරි. ඒ දවස වල මට මතකයි මම කෝල් කරලා අඩනවා මාව එක්කගෙන යන්න කියලා තාත්තිට. අන්තිමට තාත්ති කියුවා ගෙදර එක්ක එන්න කෙල්ලව කියලා අම්මිට. එත මමම හිත හදාගෙන හිටියා,
දෙමව්පියන්ගෙන් වෙන වෙලා ජිවත් වෙනවා කියලා දුකක් තවත් නැහැ.
මට මතක හැටියට අම්මට වඳින ගාථාව නම් හරි,තාත්තට වඳින ගාථාව අපි කිව්වෙ මේ විදියට,මම හරිද,ලොකු පුතා හරිද,කියන්න නම් දන්නෙ නෑ.
ReplyDeleteවුද්දිකාරෝ අලින්ගිත්වා
චුම්බිත්වා පිය පුත්තකන්
රාජ්ජමජ්ජන් සුපටිත්තිටන්
පීතුපාදන් නමා මහන්
@ වර්ණා
ReplyDeleteඔව් නංගි, ඒක ලොකු දුකක් තමයි
අපිව පුංචි කාලේ ඉඳලම අපේ අම්ම හැදුවේ තමන්ගේ වැඩ තමන්ම කරගන්න ඕනේ කියන මතයේ ඉඳලා
ඒ නිසා අර වගේ තැනක නතරවෙලා මගේ වැඩටික තනියම කරගෙන ඉන්න පුළුවන්කම ටිකක් හරි තිබුනා
@ Observer
ReplyDeleteමටත් හිතෙනවා ඔබා මාම හරි කියලා
අපි බලමු තව කාගෙහරි අදහසක් එයිද කියලා
අපිත් මතකෙන් කිව්වා මිසක් පොතකින් බලල කටපාඩම් කලේ නැහැ මේ ගාථා
මේ පෝස්ට් එක ලියන්න ගිහින් මම හරි අමාරුවෙන් මේ ගාථා දෙක මතක් කර ගත්තේ....
උබ මේවා ලියන කොට මගේත් අතිතේ සිහියට එනව මචං උදේ හතරට විතර හැමදාම අම්මා නැගිටලා ගේදර හමොටම බත් උයනව...පහට විතර මාවත් ඇහරවලා..ඉස්කොලේ යන්ඩ සුදානම් කරවනව ඒතකොට මම 3නේ පන්තියේ...ගෙදර ඉඳන් ගම්පහට යන්ඩ පැයක් විතර යනව....
ReplyDeleteඅද අම්මයි තාත්තයි ඉන්නේ ගමේ මහගේදර...මම කොලඹ හිටියට..ඉතින් උබ මේවා කියනකොට ඒ දෙන්නා මතක් වෙලා ඇස් කඳුලෙන් තෙත් උනාමචං
රට රාජ්ජවල කොච්චර ගියත් ගෙදර අම්ම ලග ඉන්නව වගේ සතුටක් කොයින්ද....
ReplyDeleteජීවිතේ කියන්නේ පුදුම දෙයක් ලොකූ. උඹනම් දැන් මගේ හිතේ ජීවිතේ දිනලා ඉවරයී. මං ජීවිතේ දින්නන වෙර ගන්නවා.
ReplyDeleteමට නම් උ/පෙ කරන්නවත් ලොකු ඉස්කෝලෙකට යන්න වාසනාව හම්බ වුනේනෑ. ඒක නම් මගේ මොඩකම. කවදාවත් අපේ අම්මත් නෑ කියලා කියල නෑ.
මම නම් පුංචි කාලේ ඉදන්ම ඕනතරම් ගෙවල් ලග ගෙදරවල් වල නෑ ගෙවල් වල ඉදලා තියෙනවා තාත්තගේ ප්‍රශ්න නිසා. ඒක නිසා මට ලොකූට වගේ දැනුන දවසක් මතක නෑ. හැබැයී අම්මා මාස දෙකකින් විතර ඇවිත් ආයෙම කොළඹ එන දවසට නම් මගේ උගුර කෙල ගිලින්න බැරි තරම් හිරවෙනවා.
@ Raj
ReplyDeleteඔව් මචෝ... අපි පුංචි කාලේ ඉඳල අපිව ලොකු මහත් කරන්න අම්ම තාත්ත කොයි තරම් කැප උනාද කියල තේරෙන්නේ දැන් තමයි
@ ඔබ නොදුටු ලොවක්
ReplyDeleteඒකනම් සහතික ඇත්ත, මම දැනුත් නිවාඩු ගියාම ගෙදරට වෙලා ඉන්න තමයි වැඩියම කැමති
එතන තියෙන සුවේ ලෝකේ වෙන කොහේවත් නැහැ
@ බට්ටි
ReplyDeleteඒකත් ඇත්ත තමයි බට්ටි
ඒත් කොතැනක හරි අඩුපාඩුවක් වෙලා වගේ ගතියක් හිතට දැනෙනවා
ලොකු ඉස්කෝල කියන්නේ වාසනාවක්ම නෙමෙයි බට්ටියේ
මටත් ඔය උගුරහිරවෙන ගතිය හැමදාම වගේ දැනෙනවා එයාර්පෝර්ට් එකේදී ගෙදර උදවියව දාල ආපහු රට එන දවසට
අනේ මටත් හරියට දුක හිතුනා...මොකද ඔය වයසෙදි මටත් ගෙදරින් පිට ඉන්න උනානේ...ඒ දවස් වල මටත් දැනුනේ ඔහොම තමයි....
ReplyDeleteඔබා මාමා ගේ නිවැරදි කිරීමට අමතරව මාත් එකක් කරන්නද?
වුද්දිකාරෝ අලිංගිත්වා --> වුද්දිකාරෝ ආලිංගිත්වා (හේතුව, මගේ අලිංගිත්වා කියන පොස්ට් එකේ ලියලා ඇති...කැමතිනම් බලන්නකෝ :)
ආ..පෝසේසි "වුද්දිකාරණං" නේද?
පරක්කු උනත් මේ ටික නොකිය යන්න බෑ දැනගත්තට පස්සෙ...
ReplyDeleteඋපන්දිනේ 22 වැනිදා බව දැනගත්තෙ රාජ්ගෙ පැත්තෙන්.... සුභම සුභ උපන් දිනයක් පතනවා....!!
සුභ උපන්දිනයක් වේවා..
ReplyDeleteමාත් හිතන්නෙ 'මහං' කියන වචනෙං තමයි ගාථා ඉවර වෙන්නෙ.
ReplyDeletehenryblogwalker the dude
අනෙත් කතා වලට වඩා මේ කතාව කියද්දී කඳුළු අවා.කමෙන්ට් කියවද්දී ඊටත් වඩා දුක හිතුන.හැමෝගෙම අම්මල මෙහෙම තමයි අපිට මේ දේවල් තේරෙනකොට එයාලගේ හොඳ වයස පහුකරලා
ReplyDeleteසුබ උපන් දිනයකුත් ලොකූට....:D
ReplyDelete@ සයුරි
ReplyDeleteහ්ම්ම්... ඔව් සයුරි ඒ වයසේදී ගෙදරින් පිට ඉන්න වෙන එක හරිම නරකයි තමයි
දැන් කට්ටියගෙම නිවැරදි කිරීම් එකතු කරලා මම පෝස්ට් එකේ තියෙන ගාථාව නිවැරදි කරන්නම්.
@ Miyuru
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ...
@ වර්ණා
බොහොම ස්තුතියි නංගියේ... සුබ පැතුවට කේක්නම් නැහැ.
මෙහේ කවුරුත් දන්නෙත් නැහැ 22 මගේ උපන්දිනේ කියලා
තමන්ගේ අය ළඟ නැතුව මොන කේක්ද :))
@ Dude
ReplyDeleteස්තුතියි අයියේ, මම දැන් ඒ වැරදි ටික නිවැරදි කරලා දාන්නම්
@ අසරණයා
ReplyDeleteඔව් සහෝ... ඒක ඇත්ත.
ප්‍රමාද නොවී අපේ යුතුකම් ඉෂ්ට කරන්න බලමු, නැත්නම් කවදාහරි ආපහු පසුතැවිලි වෙන්න වෙයි
@ Podi Kumarihami
ReplyDeleteබොහොම ස්තුතියි පොඩ්ඩියේ.... :)