Monday 30 January 2012

මළදුගල කන්දේ දෙවන නිධානයත් ගොඩ ගනියි...

මේ කියන්නේ යන්නේ තවත් නිධන් කතාවක්,
මේ සාමාන්‍ය පෙළ ප්‍රථිපල බලාපොරොත්තුව සිටි අවධියයි. අප නිවසට පැමිණි තවත් මිතුරන් දෙදෙනෙකු සමග මළදුගල කන්දට නැගීම මාගේ අභිප්‍රාය විය. මළදුගල කන්දට නගින දෙවන අවස්ථාවයි මේ. එහි ගිය අපහට ගල් ගුහාවේ එක් විවරයක් අසල ගසක දරණ ගැසී සිටි පළා පොළඟකු දැක ගන්නට ලැබුණි. පහළට බැසීමටනම් එම ගසේ එල්ලී යා යුතු විය. එනිසා එමගින් ඇතුළු නොවී සුපුරුදු ස්ථානයෙන් ඇතුලට පිවිසීම සඳහා අනෙක් පසින් යාමට අප තීරණය කලෙමු.
පළා පොළඟා විෂ සහිත සර්පයෙකු බව එදවස අපගේ මතය විය. නමුත් පසුව දැන ඉගෙන ගත් පරිදි පළාපොළඟා යනු මදවිෂ සහිත සර්පයෙකු බව දැනගන්නට ලැබුණි. එමෙන්ම ඌගේ සපා කෑමෙන් කිසිදු මරණයක් අප රටෙන් වාර්තා වී නොමැත. පසු කලෙකදී උන් අල්ලා අතට ගැනීමට පවා මා බිය නොවුනෙමි.
එදින ආපසු ගමනේදී මල්සරා නමින් හැඳින්වෙන අලංකාර සර්පයකු දැකගනිමටද වාසනාව අප හට ලැබිණි.
මා පෙර කී පරිදිම මෙහි ඇති ගල් ගුහාවේ විශේෂයනම් ගුහාවට නිකම්ම ඇතුළු වීමට නොහැකි අතර වලකට බසිනවාක් මෙන් බැස යා යුතු වීමය.


ගුහාවට බැසීම සඳහා අනෙත් පසට එනම් බැලුම්ගල අසළට ගිය අප හට අමුතු දසුනක් දැක ගැනීමට ලැබුණි. එනම් කිසිවක් පිරවූ මල්ලක් සහ ලෑලි පටි ගැටගසා සාදන ලද කුඩා බංකුවකුත්ය. දුම් වැදී කළුවී ගිය පරණ දුම් කබලක්ද ඒ අසල තනි රකිමින් සිටියේය. සිතට එකවරම ඇතිවූ චකිතය නිසා හොඳින් වටපිට සෝදිසි කර බැලු අතර කිසිවෙකු ඉන්නා බවක් නොපෙනීම මහත් සහනයක් විය. එකෙකු ඔත්තු බලන අතරේ මමත් එක් මිතුරෙකුත් ගොස් මල්ල ලිහා බැලුවෙමු. පොල් තෙල්, හඳුන් කූරු, කපුරු සහ තවත් නොයෙකුත් දෑ මල්ල තුල විය. පළමු කොටසේදී කන්දේ පිහිටීම පැහැදිලි කළා ඔබට මතක ඇතැයි සිතමි. අප ඉන්නා තැන සිට පහළ බැලු විට ඇත්තේ පුංචි ලෝකාන්තයක් බඳු වූ පාතාලයයි.


මල්ල සහ බඩුමුට්ටු ටික පාතාලය කරා ගමන් කරනා අයුරු ඊළඟ මොහොතේ දිස් වන්නට විය. මේ සිද්ධිය නිසා හිත තරමක් ගැස්සුනද වටපිට කවුරුන් හෝ දැකීමට නැති නිසාත් කිසි සද්දයක් බද්දයක් අසුනේ නැති නිසාත් චකිතය තරමක් තුනී වන්නට විය. මල්ල විසිකර දැමීමේ අරමුණ වුයේ නිධන් හොරුන්ට බාධා කිරීම වුවත් නැවතත් පැමිණ ඔවුනගේ කාරිය කරගෙන යාමට එයින් මහලොකු බාධාවක් නැති බව අප නොදැන සිටියා නොවේ. පොලීසියට දැන්වීමට සිත්වූයේ නැත්තේ මන්දැයි කීමට මතකයක් නැතත් දැන්වීමෙන් පළක් වේදෝ යන්න සැක සහිතය.
මෙම අවධිය වන විට රුපවාහිනී කුළුනේ මුවාවෙන් ගත් නිධානයද ගොඩ ගෙන නොතිබුණි. ස්ථීරවම එසේ කීමට හැක්කේ ඒ වන විටත් කුළුනේ වැඩකටයුතු සෙමින් සෙමින් සිදු වෙමින් පැවතුනු නිසාය. කුළුනේ වැඩ සඳහා සිමෙන්ට් උරයක් කන්දට ගෙනගොස් දෙනවාට සිමෙන්ට් උරයේ මිළට වඩා වැඩි මිළක් ගෙවූ බව මිනිසුන් කතා වෙනවා මට මතකය. ගමේ සිටි සවි ශක්තිය ඇති මිනිසුන් කිහිප දෙනෙක් ඒ සඳහා සහය වූ බවද දකින්නට ලැබුණි. මෙසේ කඩින් කඩ හෝ කුළුනේ ඉදිකිරීම් කටයුතු සිදුවන අතරවාරයේදී කවුරුන් හෝ මෙම ස්ථානයේ ඇති නිධානයටද බැල්ම දාගෙන සිට ඇත. ඒ එකම පිරිසක් වන්නට ඇති හැකියාව බොහෝ ඉහළය.


කුළුනේ වැඩ කටයුතු අතරමග නතර කර දැමුවේ 2000 මුල් අවධියේදීය. ඒ වනවිට කුළුන ආසන්නයේ නිධානය ගොඩ ගෙන අහවර වන්නට ඇතැයි සිතිය හැකිය. ලොකු හාමුදුරුවන් අපවත් වූ වර්ෂය මාගේ මතකයේ නැතත් එම නිධානය ගොඩ ගන්නට ඇත්තේ උන් වහන්සේ ජිවිතයේ අවසාන භාගය හෝ ජිවිතයෙන් සමුගත් මුල් අවධියේදී හෝ වන්නට ඇත.


මේ මම උසස් අධ්‍යාපනය ලබන අවධියයි. ආසන්න වශයෙන් වසර 2003 හෝ 2004 දී පමණ වන්නට ඇත. ලොකු හාමුදුරුවෝ අපවත් වී තරමක කාලයකි.
කුඩා අවධියේ මගේ සෙල්ලම් සගයෙකු වූ මට වඩා වසර තුනක් බාල ගමේ කොල්ලෙකු නිධන් හාරන්නන් පිරිසක් හා සම්බන්ධ වී කටයුතු කරමින් සිට ඇත. (ගමේ සිදුවූ සුළු සුළු හොරකම් සම්බන්ධයෙන්ද සැකය ඔහුවෙත යොමු වූ බවක් මා අසා තිබුණි) රටේ සෑම දෙසින්ම වාගේ එක් වූ පිරිසක් නිධන් මංකොල්ලය සඳහා දායක වී සිටි බව ඔහු කීවේය. රාජගිරියේ පන්සලක හිමිනමක් යැයි කියනා පුද්ගලයෙකුද මේ අතර සිට ඇත. නිධානය ගැනීමේදී කට්ටඩියෙකු වශයෙන් සිදු කරනා කටයුතු කර ඇත්තේ ඔහු විසිනි. සම්පුර්ණ පිරිස 10 දෙනෙක් පමණ වූ බව ඔහු පැවසීය. 


මෙම පිරිස ටික දිනකට පෙර මළදුගල කන්දේ උමං මගේ ඇති නිධානයක් ගැනීමට ගිය බවත් එය සාර්ථක වූ බවත් ඔහු මා හට පැවසීය. මෙයින් මාගේ කුතුහලය ඇවිස්සුනි. එනම් කුළුනේ මුවාවෙන් නිධානයක් ගත්බව කියවෙන කතාව බොරුවක්ද. ඔහුගේ පැහැදිළි කිරීමෙන් පසුව මොවුන් ගොඩගෙන ඇත්තේ ගල්ගුහාව තුළ තිබු වෙනම නිධානයක් බව දැනගන්නට ලැබුණි. කුළුණ ආසන්නයේ තිබු නිධානය පිහිටි ගලක් හාරා නිධන් කල එකක් බව කියවේ. නමුත් මොවුන් ගොඩගෙන ඇති නිධානය තිබී ඇත්තේ අපි හැමදාම වාගේ ගොස් නරඹන ගල්ගුහාව තුළය. එහි පොළව මැටි සහිත පසක් වූ අතර එතරම් මහන්සියකින් තොරව හැරීමට හැකි ස්ථානයකි. කෙසේ නමුත් හාමුදුරුවන් විසින් විශාල ගල් දම්මවා බඳින ලද බාධකය නිසා නිධානය ගොඩ ගැනීම පහසු වී නොමැත.


ඔවුනට මෙයින් ලැබී තිබුනේ ග්රෑම් 250 ක පමණ බරකින් යුතු වූ රන් පළඟානක් සහ හතරැස් සෙල් ඵලකයක ලියවුනු සෙල් ලිපියකි. එය ප්‍රමාණයෙන් අඩි එකහමාරක් පමණ දිගැති අඩි භාගයක් පමණ පළලැති අඟල් 3 ක් හෝ 4 ක් පමණ ඝනකම ගල් පුවරුවක් බව ඔහු පැවසීය.
මෙම සිද්ධියෙන් පසු ඇතිවූ සංක්‍රාන්තික සමයකදී ඔහු යම් කලක් ගමට වී කල්ගත කළේය. එහිදී මා මුණගැසුණු මොහොතක මේ කතාව මට දැනගන්නට ලැබිණි.


රන් තැටිය විකුණා මුදල් බෙදා ගත් බවත් සෙල් ලිපිය සහිත  ඵලකය රාජගිරියේ විසු හාමුදුරුවන් රැගෙන ගිය බවත් මට දැනගන්නට ලැබිණි.
ග්රෑම් 250 ක පමණ රන් තැටිය විකිණීමෙන් ඔහුට ලැබී තිබුන කොටස රුපියල් 20,000/- ක පමණ මුදලකි. එයින් එම කණ්ඩායම තුළ ඔහුගේ මට්ටම උපකල්පනය කරගත හැකිවනු ඇත.

රන් තැටියෙන් හෝ නිධන් වලින් මට වැඩක් නැත. නමුත් කුමක් හෝ වැදගත් ලියවිල්ලක් වන්නට ඇතැයි සැලකිය හැකි සෙල් ඵලකය සොයා ගැනීමට හෝ අඩුම වශයෙන් එහි ජායාරූපයක් හෝ ලබා ගැනීම මගේ අරමුණ විය. පිහිටි ගලේ කොටා ඇති සෙල්ලිපි ගැන දැන උන්නද මෙවැනි සෙල් ඵලකයක කෙටු සෙල් ලිපි දුලබ දෙයකි. මෙවැන්නක් ගැන මා මීට පෙර අසා තිබුනේද නැත. කෙසේ නමුත් මෙය වැදගත් ලියවිල්ලක් බවනම් සහතිකය. මාස කීපයක් වෙහෙසුනද මාගේ උත්සාහය සාර්ථක වුයේ නැත. කණ්ඩායමේ බිම් මට්ටමේ සාමාජිකයෙක් වූ ඔහුටද මා හට උදව් කල හැකි මට්ටම සීමාසහිත විය. කෙසේ හෝ විදියබණ්ඩාර යුගයේ තවත් වැදගත් කරුණක් එසේ කොහේ හෝ නොදන්නා තැනක සැඟව ගියේය. මේ ගැන මම තව දුරටත් සොයා බලන්නට සිතා ගත්තද කාලය සහ ඉගෙනීම  නිසා අවස්ථාවක් ලැබුනේ නැත. ඉන් පසුව පළමු රැකියාවට හිර වීමෙන් පසුව ඒ වෙනුවෙන් වෙහෙසීමට පවා සිතීමටවත් කාලයක් තිබුනේ නැත. නමුත් තවමත් මම උත්සාහය අතහැර නැත්තෙමි.

පසු කලෙක  මෙම කණ්ඩායම රජරට ප්‍රදේශයේ මහ කැලෑවක ගල් කුළක් බිඳ අඩි තුනක් පමණ දිග වටිනා රන් කඩුවක් සහ මැණික් සහිත නිධානයක් ගොඩගත් බවත් කඩුව විකිනීමට නොහැකි නිසා එහි තුඩින් කොටසක් කපා විකිණු බවද මට දැනගන්නට ලැබුණි. එය ඇසු විට මා හට දැඩි කණගාටුවක් ඇති විය. හිතට ඇති වූ කෝපය නිසා මා ඔහුට බැන වැදුනද එයින් ඇතිවන සෙතක් නැත. අප මේ වනසන්නේ අපගේ පැරණි ශ්‍රී විභූතිය නොවේද.
තවත් නිධානයක් සම්බන්ධ අපුරු කතාවක් ඔහු මා හා පැවසීය. එය තිබී ඇත්තේ රජරට පෙදෙසේය. මෙයට සම්බන්ධ වී ඇති කපුවා වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙකි.  ඔහු සතුව හසල යන්ත්‍ර මන්ත්‍ර දැනුමක් තිබී ඇත. එමගින් වශී කරගත් අවුරුදු 20 ක පමණ යුවතියක් ඔහු හා මෙම දුෂ්කර පෙදෙසේ කටුමැටි ගැසූ නිවසේ ඔහු හා පදිංචිව සිට ඇත. නිධන් හැරීමට ගිය පිරිසද නතර වී ඇත්තේ ඒ නිවසේමය. ගෙය පිහිටි ඉඩමේ සිට තරමක් ඈතින් වූ ස්ථානයක නිධානය ඇති බවට වදුලකින් බලා සහතික කරගෙන ඇති කපුවා ඇතුළු පිරිස නිධානය හැරීමේ කටයුතු දිවා රෑ නොබලා සිදු කරගෙන ගොස් ඇත. පස් හැරීමෙන් සහ ඇදීමෙන් මහන්සි වන මොහු සහ තවත් අයෙකු වරින් වර විඩානිවා ගැනීමට හෝ වතුර ගෙන යාමට කියා අර නිවස කරා පැමිණ ඇති අතර ඔවුන්ගේ විඩා නිවා දීමට අර තරුණියද පැකිලී නොමැත.
අවසානයේ පිරිස අතර ඇති වූ හිත් නොහොඳ සහ අඩි 20 ක් පමණ යටට හැරීමෙන් පසුව මතු වූ ගල් දොරක් කැඩීමට මගක් නොවූ නිසාද එම නිධානය අත්හැර දැමීමට සිදු වූ බව ඔහු පැවසීය. ආසන්නයේ ගම්මාන ඇති නිසා බෝර දැමීමටද මගක්ද තිබී නැත.
එයට එකම විසඳුම ගල් දිය කර දමනා බෙහෙතක් හෝ ලේසර් කැපුම් යන්ත්‍රයක් බව ඔහු කිවේය. නමුත් ඔවුනට එවැනි දේ සොයා ගත නොහැකි වීලු. එවැනි යන්ත්‍ර සුත්‍ර හෝ තාක්ෂනයන් මේ සඳහා යෙදවෙන බව නිකමට හෝ සිතිය හැකිද. එලෙස තමන්ටම කියා එවැනි ලේසර් කැපුම් යන්ත්‍ර තබාගෙන නිධන් හැරීමේ යෙදී සිටින පුද්ගලයින් ලංකාවේ සිටින බවද ඔහු කීවේය. එයින්ම මේ ජාවාරමේ තරම ඔබට සිතා ගත හැකිය.


ඔත්තු සපයන්නා තවමත් නිදල්ලේය. තවත් නිධන් කතා සමගින් යළිත් ඔබ සොයා එන්නෙමි.

44 comments:

  1. yoko munwa allala deepan ban,ubatath me pau pirenawa ,mewa dana dana uda balan hitiyata.shit..

    rasa katha ahuwa wage nemei,me winasa wenne ape athithayai mage saho....

    ReplyDelete
    Replies
    1. ආදර ඇනෝ,
      මේ ලිපියේ තව කොටස් කීපයක් තියෙනවා
      ඉදිරියේදී ඔබට යම් තරමක සාධාරණයක් දකින්න පුළුවන් වේවි.
      සමහර අවස්ථා වලදී අපිට ඉදිරිපත් වෙලා පොලිසියට මේ වගේ ඔත්තු දෙන්න බැරි තත්ත්වයන් පවා තියෙන බවත් අමතක කරන්න එපා...

      Delete
    2. ඉස්සෙල්ලම කමෙන්ටුව ඇනෝද මචං.. ඇනෝල හරි කල්පනාවෙන් ඉන්නේ හිකිස්..

      Delete
  2. මෙහේ නං ආන්ඩුව මැදිහත්වෙලා නිධන් ගොඩ අරන් කටුගෙට යවනව. ඒ වගේ දෙයක් කලොත් අපේ රටේ, පොත්ත විතරක් කටුගෙට යයි.

    ReplyDelete
    Replies
    1. හික්... ඒකනම් ඇත්ත.
      අපේ ආණ්ඩු වලටත් හරියට කරන්න පුළුවන්නම් ඒක ඉතාම හොඳ දෙයක්...

      අපේ කෞතුකාගාරයේ තියෙන බඩු මුට්ටු වලිනුත් මෙහෙම ලැබිච්ච දේවල් තියෙනවා නේද...
      ආණ්ඩුවෙන් නිධාන හෑරුවේ නැති උනාට නිධන් හාරන සමහර මිනිස්සු බුදු පිළිම වගේ දේවල් විකුණන්නෙවත් උණු කරන්නේවත් නැතුව කටුගෙට බාර දෙන අවස්ථා තියෙනවා
      නමුත් වැඩිපුර දේවල් නැති නාස්ති වෙනඑක තමයි වෙන්නේ

      Delete
  3. රට ආරක්ෂා කල යුතු ඉහළම පෙළේ මිනිස්සුත් නිධන් මංකොල්ලයට සම්බන්ධ බවට නම් වශයෙන්ම කියවෙන්නෙ අද ඊයෙ ඉඳළ නෙවෙයිනෙ. මේ පොඩි පොඩි එවුන් ඇල්ලුව කියල ප්‍රශ්ණෙ විසදෙන්නෙ නෑ. ලොකු උන් බලය යොදවලම වැඩේ කරයි. කොහොමත් ලංකාවේ තියෙන හඳුනාගත් නිධාන වලට වැඩි ආයුෂ නැති හැඩැයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ... සමහර පොඩි උන් වැඩ කරන්නේ කාටද කියලවත් දන්නේ නැතුව තමයි වැඩ කරන්නේ
      ලොකු උන්ට කවදාවත් නීතිය ප්‍රශ්නයක් නෙමෙයිනේ

      මේ දවස්වල් අපේ රටේ මිනිස්සු පිස්සු හැදිලා වගේ සල්ලි පස්සේ යනවා
      ඒ නිසා පහසුවෙන් පෝසත් වෙන්න තියෙන එක මගක් වෙච්ච නිධන් වස්තු ටික ඉතුරුවෙන එකක් නැහැ තමයි

      Delete
  4. මෙයින් කොයිතරම් හරියක් පිටරටවලට ඇදිල යනව ඇත්ද.... අනුග්‍රහය ඇතුවම වැඩේ කෙරෙනව ඇති... කිසිම කරදරයක් නැතුව මහා පරිමාණයෙන් කෙරෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තිබ්බ හොඳම වටිනා කියන දේවල් ටික මේ වෙද්දී ගොඩ අරගෙන ඉවර ඇති අක්කේ
      සුද්දගේ කාලේදී සුද්දෝ පවා ඒ වැඩේ කලානේ
      කෙළින්ම ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුව වැඩේ නොකෙරුනත් ලොකු ලොක්කෝ පෞද්ගලිකව මේ වැඩේ කරගෙන යනවා ඇති

      මතකද, කාලෙකදී එක්කෙනෙක් හමුදා සහයත් අරගෙන නිධන් හෑරුවේ
      මම ඒ මිනිහා ඩෝසර් දාගෙන හාරපු නිධානයක් ගත්තු තැනක් බලන්න ගියා 2004 දී, අනුරාධපුර පැත්තේ
      සුරනිමල යෝධයාගේ ගමේ
      ගමේ මිනිස්සු කියන්නේ එතන තිබිලා ඒ පුද්ගලයා රත්තරන් ඇඳක් අරගෙන ගියා කියලයි
      හැබැයි ඒවායෙන් එයාටත් කිසි වගතුවක් නැහැ නේද මේ වෙද්දී

      Delete
    2. //අපේ රටේ තිබ්බ හොඳම වටිනා කියන දේවල් ටික මේ වෙද්දී ගොඩ අරගෙන ඉවර ඇති අක්කේ සුද්දගේ කාලේදී සුද්දෝ පවා ඒ වැඩේ කලානේ කෙළින්ම ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුව වැඩේ නොකෙරුනත් ලොකු ලොක්කෝ පෞද්ගලිකව මේ වැඩේ කරගෙන යනවා ඇති//

      අනුග්‍රහය ඇතිවත් කරනවා මචං. මගේ යාළුවෙක් අනුරාධපුරේ හිටිය‍ ප්‍රොජෙක්ට් එකකට ගිහින්. ඇස් පනා පිට දැක්ක සීන් එකක්. කරන්න දෙයක් නැහැ කවද හරි විදවයි.

      Delete
    3. ඔව් බං..වැරදි වැඩ කළොත් විඳවන්න වෙනවනේ කොහොමටත්

      Delete
  5. තවමත් හාරන්න නිදන් ඉතුරුවෙලා තියෙන එකත් අදහගන්න අමාරු දෙයක් මටමම්. බුදුපිළිම හාරලා තියෙන පින්තූර පත්තරේ දැක්කම මම නම් හිතෙන් ශාප කරනවා. අනික නිදන් හාරන්නො හිටියෙ ලංකාවෙ විතරක් වත් මේ කාලෙ විතරක්වත් නෙවෙයි. පිරමිඩ් හාරලා විනාශ කරලා තියෙන්නෙත් වෘතීය නිදන් හොරුනෙ.

    (ඔය දාලා තියෙන්නෙ ලොකුපුතා ෆෝටෝ එකක්. අප්සෙට් එකක් නෑනෙ?)

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ටිකක් තියෙනවා මගේ හිතේ...
      බුදු පිළිම හාරන්නේනම් නිධන් ගන්න බලාගෙනම නෙමෙයි, ඒවා විනාශ කරලා දාන්න
      නොදැන කරන මෝඩයෝ සුළු ප්‍රමානෙකුත් නැති
      නමුත් බහුතරය එන්නේ වෙනමම දේකට..

      බුදු පිළිම ඇතුලේ තියෙන නිධන් වස්තු කියල කියන දේවල් ගන්න හාරනවානම් අපි අපේ ගෙවල් වලට මුල් ගල තියද්දි දාන "නිධන් වස්තු" ගැනත් කල්පනාවෙන් ඉන්න එක හොඳයි වගේ

      පිරමීඩ බහුතරයක් හෑරුවෙත් සුද්දොම තමයි... ඒකනේ උන්ගේ රටවල් ඉක්මනට පෝසත් උනේ
      මුලින් මංකොල්ල කෑවා
      ඊට පස්සේ අනිත් අයට මංකොල්ල කන්න බැරිවෙන්න සම්මුති සහ නීති ගෙනාවා
      අන්න මොලේ...

      Delete
    2. ආ මේක කියන්න අමතක උනානේ අයියේ...
      මේ පෝස්ට් එක අර ලෙඩේ එන්න කලින් මම බාගෙට ලියල තිබ්බ එකක්
      ෆොටෝ එක කලින්ම දාලමයි තිබුනේ

      Delete
  6. මේවා නම් මහ අපරාද වැඩ.....ඒත් මොනා කරන්නද...අර ''වැටත් නියරත් ගොයම කා නම්.....'' කියන කතාව මතක් උනා......කුරුණෑගල පැත්තෙත් හරියට නිදන් හොරුලු..ඒත් ඒවා කෙරෙන්නෙ ලොකු තැන් වල අනු දැනුම එක්ක.....

    ReplyDelete
    Replies
    1. එහෙම උනාට අපේ රටේ මේ වගේ දේවල් නීතියේ හමුවට එනවා සැළකිය යුතු තරමක්
      එහෙම එන්නේ ලොක්කෝ කවුරුත් නැතුව පොඩ්ඩෝ ටිකක් එකතුවෙලා මේවා කරහම තමයි

      හැබැයි ගොඩක් වෙලාවට අල්ල ගත්තු බඩු මාරු වෙලා, වැඩකට නැති ඒවා තමයි නඩු භාණ්ඩ විදිහට තියෙන්නේ
      ඒ නිසාම වෙන්න ඇති පොඩ්ඩන්ව උනත් ලොකු දඩයක් නැතුව නිදහස් වෙනවා
      සමහරුන්ට පොඩි සිර දඬුවමක් සමග දඩයක්.... :))

      Delete
  7. මුන්ට ශාප වෙනවා නොදකින් විතරක් අර කඩුවක් කෑලි කැපුවා කිව්වාම දැනුනු ආවේගය මුන් එකා එකා හොයාගෙන ගිහිල්ලා ඇඩ්‍රස් නැති කරන්න තරම් බලවත්

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇහුවහම මටත් දැනුනේ මාර කේන්තියක් තමයි සහෝ...
      නමුත් මට කරන්න දෙයක් තිබුනේ නැහැ
      කතාවේ ඉතුරු කොටස් සමග රැඳී ඉන්නකෝ

      Delete
  8. මොනවා උනත් මේ විනාස වෙන්නේ අපේ රටේ දේවල්.. ඒත් ඉතින් ඕවා නවත්තන්නත් බෑනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බන්...
      මමත් කැමතියි අර ඉන්දික කිව්වා වගේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මේවා ගොඩ අරගෙන කටුගෙට යවන වර්ගයේ ඒවා කටුගෙට යවලා, විකුණන්න පුළුවන් වටිනා දේවල් විකුනලා රටට සල්ලි කර ගන්න පුළුවන්නම්

      Delete
  9. මුදලට වහල් වූ සමාජයක ඔවැනි දෑ අරුමයක්ද? එත් ඒ මිනිසුන් නොසිතන නොදන්නා කරුණ වන්නේ ඒ ඔවුන් විකුනන්නේ අපේ අතීතය බවයි.

    ReplyDelete
    Replies
    1. දැන් අපේ රටේ ඉන්න ම්නිස්සුන්ට අතීතයෙන් වැඩක් නැහැ
      උන් පුළුවන්නම් අනාගතේත් විකුණගෙන කනවා
      මේක දේශපාලනයක් ගැන නෙමෙයි
      පොඩි මිනිහාගේ පටන් මහඑකා දක්වා බහුතරයක් අය හිතන විදිහ ගැනයි මම කිව්වේ

      Delete
  10. මාතර ගියාම එක ඇළක තියෙනවා සීනීඳුවට හාරපු වලවල්..ගමේ අය කිව්වේ ඒ වලගම්බා රජ්ජුරුවන්ගේ නිදානයක් අරගෙන කියලා....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නිධන් හාරපු තැන් කොච්චරක්නම් කියල තියෙනවද අනුරාධපුර පැත්තේ සහ ලංකාව පුරා මහ කැලෑවල් මැද්දේ

      Delete
  11. මේ ගැන ක්‍රියා මාර්ගයක් ගන්නම බැරිද ලොකු පුතා? එක අතකට මේ ගැන බ්ලොග් එකේ නොලියා හරි (ජිවිත තර්ජන එයි කියලා හිතනවානම්) නීති ක්‍රියා මාර්ගයක් ගන්න පුලුවන්නම් හොඳයි..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ලියන්නේ නැතුව අනිත් අය මේවා ගැන දැනගන්නේ කොහොමද :))
      කතාවට තව කොටසක් හෝ දෙකක් තියෙනවා සයුරි

      Delete
  12. ඉන්දියාවේ කෝවිලක තිබිල විශාල රත්තරන් ප්‍රමාණයක් හමු වුනා කියල ලඟදි ලෝකේ පුරාම ප්‍රවෘති වලින් කියවුනා. ඒ ගැන නම් ඉන්දියන් රජය කටයුතු කරන බවයි කියවුනේ.

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් රජයෙන් මොන වගේ කටයුත්තක්ද දන්නේ නැහැ ඒ රත්තරන් ටිකට කරන්න හිතාගෙන ඉන්නේ
      අපේ අල්ලපු රටනේ... :)

      ලංකාවෙත් දේවාල කෝවිල් ටික පොඩ්ඩක් විපරම් කරලා බැලුවනම් රත්තරන් හොයා ගන්න පුළුවන් වෙයි ගමකට
      එහෙම සිද්ධියක් අර නෙත් Fm එකේ බැලුම්ගල කියන වැඩසටහනට ගියා ඇහුවේ නැද්ද

      Delete
  13. පොළව යට බලන්න පුවවන් මට්ටමේ මැෂින්(උපකරණ) ලංකාවෙ තියෙන්නෙ දෙනකක් හෝ තුනක්. එයින් එකක් නිධන් හොයන වැඩවලට රෙන්ට් එකට ගන්නව කියල යාළුවෙක් මට කිව්ව.

    ReplyDelete
    Replies
    1. එහෙමත් දෙයක් වෙනවද....
      ඔය කියන මැෂිම තියෙන්නේ භූ විද්‍යා හා පතල් එකේද.
      මමත් පොඩ්ඩක් හොයල බලන්නම් එතන තියෙනවනම්

      Delete
  14. පිස්සු හැදනවා...මම නං මේවගේ කතා කියොලා තියෙන්නෙ පොත් වලින් විතරයි. මේ සීරීස් එක ඉවර උන හැටියේ එයැයිට කියන්න ඕනැ කියවන්න කියලා. එයා තමා වැඩිපුර කැමති මේ වගේ කැලේ ගිහිං නිදන් හොරු අල්ලන් ළමයි ඉන්න කතාවලට

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් ඇත්ත ලෝකේ සෑහෙන්න වෙනවා චුටි මහත්තයෝ.
      හරි හරි පණිවිඩේ දෙන්නකෝ...

      Delete
  15. මම කලින් කමෙන්ටුවක කීව වගේ මගේ මිතුරෙක් අනුරාධපුරේ ගියා මේ ලගදි පැවැත්වෙන ප්‍රදර්ශනයක වැඩ කටයුතු කරන්න. මාස 3ක් විතර පොර ‍එහෙ හිටිය. ඒ පැත්තේ ජයටම ඔය ජාවාරම කෙරෙනවලු. හැමෝම දන්න ප්‍රධාන පවුලක් තමා කොරන්නේ. ඒ පැත්තේ මිනිස්සුම කියනවලු ඒ කාලේ රජවරු මිහිදන් කරපුව අදකාලේ රජවරු ගත්තම මොකෝ කියල.

    ඇත්ත නේද ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉස්සර කාලේ මොන තරම් වස්තු ප්‍රමාණයක් තිබුනද කියල හිතා ගන්න පුළුවන් අවුරුදු ගානක් තිස්සේ හාරලත් තාමත් නිධන් ඉතුරුවෙලා තියෙන එකෙන්ම....

      රජවරු මේ දේවල් නිධන් කලේ පස්සේ කාලෙක රටේ යහපතට යොදවන්න වගේම යුධ බිය ආපු අවස්ථා වලදී කියලත් මම අහල තියෙනවා
      පෞරාණික දේවල් විනාශ නොකර නිවැරදි විදිහට මේවා ගොඩ අරගෙන රටේ දියුණුවට යොදවනවානම් හොඳයි

      නමුත් එහෙම වෙන්නේ නැති එකමනේ මෙතන තියෙන ප්‍රශ්නේ

      Delete
  16. ලස්සන කතාවක් අප්පා. කවදා ඉඳන්ද ඔයා මේ නිදන් හාරන්ට පටන් ගත්තේ. මම යනකල් ඉඳලද? :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි.

      නිධන් වලට අධිපති බහිරවයාව එළවලා ඉවර උනාට පස්සේ තමයි නිධානයක් ගොඩ ගන්න පුළුවන් වෙනවා කියන්නේ..... :)

      Delete
  17. ලොකු පුතා උඹ නොදැන හෝ දැනගෙන රටට ලොකු දෙයක් කරනවා.මේ ගැන තව කි දෙනෙක් හරි දැනුවත් වෙයිනෙ.එත් අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට කරන්න පුළුවන් දේවල් සීමිතයි.අර කඩුවේ කැල්ලක් කපලා විකුනපු කෙනා තවම යහතින් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. මම මේ කතා ලියන්න කල්පනා කලේ ඒකෙන් කීප දෙනෙකුට හරි මේ දේවල් දැනගන්න ලැබෙන නිසා
      උඹ කිව්වා වගේ මේවට විරුද්ධ වෙන්න අපිට තියෙන හැකියාව ගොඩක් අවමයි

      ඒ කඩුව ළඟ තිබිල තියෙන්නේ ඒ කණ්ඩායමේ නායකයා ගාව
      ඌ ඉන්න තැනක් පවා මට මේ කතා ටික කියපු කොල්ල දන්නේ නැහැ :(

      Delete
  18. ඔව්වා ඔහොම තමා කලදුටුකල..වලඉහගැනිම නොව නිදන් ඉහගැනිම..ඔනා උනත් උඹ ලෙසටම ලියල තියෙනව...ඉතුරුටිකත් ලියපං

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. අපේ මිනිස්සු දැන් බලන්නේ මොකක් හරි කරලා සල්ලි හොයන්නනේ
      හරි හරි මචන්,,, ඉතුරු ටික ළඟදීම දානවා

      Delete
  19. ape ehaapaththe gedarath nidaanayak thiyenawalu :o

    ReplyDelete
    Replies
    1. හා.. හා... කට පරිස්සම් කරගන්න
      මේවා කිව්වට පස්සේ ඔයාගේ පස්සෙන් නිධන් හොරු එන්න පටන් ගනීවිද දන්නේ නැහැ අල්ලපු ගෙදර හොයාගන්න :)))

      Delete
  20. අර නිධානෙත් එක්ක හම්බුණා කියන සෙල්ලිපිය හරියට ඉතිහාස පොතක් පරිච්ඡේදයක් තරම් වටිනවා.... ඒකේ වීදිය බණ්ඩාර ගැන හෝ ඒක නිධන් කරපු පුද්ගලයා ගැන වගේම ඒ සමාජ, දේශපාලන තත්ව ගැන හොඳ විස්තරයක් තියෙන්න ඇති. අපරාදේ :(

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම තමයි හසිත මම ඒක ලබා ගන්න ගොඩක් උත්සාහ කලේ. ඒත් හරි ගියේ නැහැ.
      ආපහු පොඩි උත්සාහයක් දාල බලන්න ඕනේ.

      Delete