Saturday 5 November 2011

බල්ලොත් එක්ක බෑ(ද)




ඔන්න මම මේ කියන්න යන්නේ මටම සිද්ධ වෙච්ච කතාවක්,

මුලින්ම කියල ඉන්නම්කො අපේ ගෙදර ඉඳල මම ගිය ඉස්කෝලෙට තියෙන දුර සහ මම ඉස්කෝලේ ගිය විදිහ 



ක්‍රමය 01

2.5 Km බයිසිකලයකින්ද, ඉතිරි 16 Km බස් එකකින්ද ඉතිරි 1 Km පා ගමනින්ද ගොස් 

ක්‍රමය 02

0.5 Km පමණ බයිසිකලයකින් හෝ පා ගමනින්ද ඉතිරි කිලෝමීටර 18 බස් රථයකින්ද ගොස් පෙර ලෙසම ඉතිරිය පා ගමනින්ද ගොස් 

ක්‍රමය 03

1.5 Km බයිසිකලයකින්ද, බසයෙන් 20 Km ගොස් පෙර සේම පා ගමනින් ගොස් ගේ පාසලට ලඟා විය හැක



මේ අංක 03 විදිහට යනවා කියන්නේ වෙනමම පාරක් සහ යනවනම් යන්න පහසුම විදිහ. බස් එහෙමත් ගොඩක් පටන් ගන්නේ එතනින්. ඒත් මම එහෙන් යන්න කැමතිම  නැහැ.
මම වැඩිපුරම යන්න කැමති උනේ අංක දෙක ක්‍රමයට.
මොකද මගේ යාළුවෝ ඔක්කොම වගේ ඉන්නේ පැත්තේ......


(තව තව හේතු තියෙනව, ඒවත් පස්සේ දැන ගන්න බැරියැ)



ඔන්න ඔහොමයි මම ඉස්කෝලේ ගියේ

සමහර දවස් වල මම පාන්දර 05:30 බස් ඒකෙ ඉස්කෝලේ ගිය කාලෙකුත් තිබුනා. යන්නේ වෙන මොකකටවත් නෙමෙයි ඉස්කෝලේ පටන් ගන්න කලින් ගිහින් ක්‍රිකට් ගහන්න.

පිට්ටනියට එන පිළිවෙලට තමයි බැට් කරන්න හම්බ වෙන්නේ. ඉතින් පාන්දරින් නොයා ඉන්නත් බැහැනේ.



ඒත් දවස් වල මම පාන්දර ඉස්කෝලේ යනවට ගොඩාක් තරහ බල්ලෝ දෙන්නෙක් හිටියා.

එකෙක් ටිකක් ඇඟ පත තියෙන ලොකු එකෙක්. අනිත් එක්කෙනා ටිකක් කැහැටු එක්කෙනෙක්.
දෙන්න ඉන්නේ එකට නෙමෙයි කිලෝමීටරයක වගේ පරතරයකින් තමයි මේ දෙන්න රැකලා ඉන්නේ.


හැමතැනම වෙනවා වගේ මුලින් ඉන්නේ ලොකු එකා.

ඔන්න මම කරුවලේ සයිකලේ පැදගෙන එද්දී මේ ලොකු එකා පස්සෙන් පන්නනවා හුරේ තියලා.

මේ කාලේ වෙද්දී අපේ පාරේ එළියක් තියෙන වෙලාවක යනවා කියන්නෙත් ලොකු ගේමක්, හැමතැනම අලි නාවන්න පුළුවන් සයිස් එකේ මඩ වලවල්.


දැනටත් වගේ එව්වා ටිකක් ඉතුරු වෙලා තියෙනවා.

වගේම තමයි මට මේ පාරේ තියෙන හැම මඩ වලක්ම වගේ මතකයි, ඉතින් නිසා කවදාවත් ටෝර්ච් එකක් අරගෙන ගියෙත් නැහැ.

අනික ටෝර්ච් එකක් ඉස්කෝලෙට අරගෙන ගියොත් එහෙම ඉතින් ඕක දකින එව්වන්ගෙන් අහන්න වෙන කතා.... :)




ඉතින් පාන්දර 5:30 විතර ඔය පාරේ යනවා කියන්නේ, කුමන කතාද. නිකනුත් නෙමෙයි කළුවරේ බල්ලෙකුත් පස්සෙන් පන්නද්දී. හොඳකට කියල තියෙන්නේ ගෙවල් වල ලයිට් එලිය පොඩ්ඩ පොඩ්ඩ පාර දිහාවට වැටිලා තියෙන එක තමයි.
මමත් ඉතින් දන්නා වේගෙන් පදිනවා, ඒත් මු හැමදාම මගේ කකුල ගාවින්ම වගේ එනවා. කොයි වෙලාවේ කකුල හපයිද කියල කියන්න බැහැ.


මටයි කියල හැමදාම මේක බලාගෙන නිකන් ඉන්න බැහැනේ, බැරි පුළුවන් ගාතේ අර බව්වට පයින් එකකුත් ගහන්න හදනවා, බයිසිකලේ පදින ගමන්ම. ඒත් කවදාවත් ඌට වැදුනේනම් නැහැ.
මෙහෙම බල්ලොත් එක්ක ඔට්ටු වෙවී ඔස්කොලේ යන අතරේ එක දවසක් මම අර කවුදෝ කළා වගේ අලුත්ම සොයා ගැනීමක් කළා

ඒක මම කළා නෙමෙයි "ඉබේටම වගේ සිද්ධ උනා".....

මුකුත් නෙමෙයි වුනේ. එක පාරටම මම බයික් එකේ බ්රේක් ගැහුවා.


බ්රාස්..... ගාල.


දැන් බයික් එක නතර වුනා. මම එහෙම කලේ මුට මාව හපා කාල පැනල යන්න දෙනවට වඩා ඌත්  එක්ක ෆේස් ටු ෆේස් ගේමක් දෙන එක හොඳයි කියල හිතාගෙන.

මෙන්න බොලේ වැඩක්,
මගේ කකුල හපන්න ඔන්න මෙන්න වගේ ආපු බල්ලා වෙන ගමනක් යන්න ආපු එකෙක් වගේ හිමීට හැරිලා යන්න යනවා. 

මෙයාට දැන් පොඩ්ඩකට කලින් කරපු සහ කරන්න හදපු හැමදේම මේ ඩිංගට අමතක වෙලා වගේ.... හික් 

මගෙත් මොකද, මමත් ඉතින් ආපහු මගේ ගමන ගියා...





ඉතින් ඊට පස්සේ මම ඔය පස්සෙන් පන්නන බල්ලන්ටනම් බය වුනේ නැහැ ඕන්. එක තැන නතර වෙන්න ගහන බ්රේක් පාරක් විතරයි ඕනේ කරන්නේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කැමති කෙනෙකුට කරලා බලන්නත් පුළුවන්.

කලාට පස්සේ මටත් කියන්න මොකද වුනේ කියලා.. හොඳද



.ලි.
මෙම ක්‍රමය මම කරපු විදිහටම අනුගමනය නොකර බව්වන් ලවා කවා ගත්තාට වග කියනු නොලැබේ

15 comments:

  1. මරේ මරු....මේ ලඟදි ගොසිප් ලංකා එකේ තිබ්බා බීලා පාරේ ගිය මනුස්සයෙක්ව බල්ලෙක් පැනලා කෑව කියලා මිනිහා බල්ලගේ බෙල්ල කාලා.....මෙන්න අපේ රටේ " මිනිස්සු "

    බොරු කියන්නෙ මොකටද ...දිල් නම් බල්ලන්ට හරිම බයයි...අවුරුදු 9 දි විතර දිල්ගෙ සුදුම සුදු කකුල කිසිම හිතක් පපුවක් නැති බල්ලෙක් හපා කෑවා...දිල් වරදක් කරන්නෙත් නැතුව...එදා ඉදන් බල්ලෙක් එලවන් එනවා තියා නිකම් බිරුවත් කෑ ගහනවා දෙවනත් වෙන්න....

    ඔය ඇඩ්වයිස් එක හරියට වැඩ කරනවද බලලම දැම්ම නම් හරිනෙ... සෞදි පැත්තෙ බල්ලො නැද්ද :)

    (ආ...අර බ්ලොග් ව්ල අප් ඩේට් නොවෙන එක වැඩිය හිතන්න එපා...බ්ලොග් අයියා හිටපු ගමන් ඔය වගේ පිස්සු කෙලිනවා...පහුගිය කාලේ අපේ බ්ලොග් වල උදේ තියෙන පෝස්ට් හවස අතුරුදහන් උනා...මගේ ඊ මේල් එකට ඊයක් විදින්න...කල යුතු දේ කියා එවන්නම්)

    ReplyDelete
  2. @දිල්
    බල්ලෝ උනත් දැනගන්න ඕනේ නේද මනුස්සයෙක් පොඩ්ඩක් කාපු බීපු වෙලාවට පැත්තකට වෙලා ඉන්න....

    ඔයා විතරක් නෙමෙයි මමත් බල්ලන්ට හරිම අකමැතියි, උන් කකුල් දෙක ගාවට ඇවිත් කැරකෙනකොට මටත් හරි බයයි, මු මාව හපයිද කියලා...
    ඒ නිසා මම බල්ලෙකුට මගේ කිට්ටුවට එන්න දෙන්නෙ නැහැ ලේසියෙන්, දුටු තැන පහර දී පළවා හැරීම තමයි මගේ ක්‍රමය

    මම මේක කරලා බැලුවෙ ගොඩ කාලෙකට කලින්නේ. ඒක නිසා දැන් කාලේ බල්ලෝ ඕකට රෙස්පොන්ඩ් කරනවද කියල තමයි හොයල බලන්න ඕනි.

    සෞදියේ ගෙවල් වල බල්ලො හදන්නෙම නැති තරම්. ඒත් සමහර පැතිවල දඩාවතේ යන එව්වන්ව මම දැකල තියෙනවා. ඒකත් හරි කලාතුරකින් :(

    ReplyDelete
  3. @දිල්
    මම ඔයාට ඊයක් එව්වා...

    ReplyDelete
  4. මෙච්චර කල් මං දැනං හිටියෙ නැහැනෙ මේ වගක්.... සමහර විට බයිසිකලේ නැවැත්තුවම ඌට අර පස්සෙන් හති දාගෙන දුවල ගන්න ආතල් එක නැතිවෙනව ඇති.... මොන.@#$% ක් ද කියලා හිතෙන් බැන බැන ඌ යනව ඇති ආපහු හැරිලා....හික්ස්...

    මටත් තියෙනව රස කතාවක් ඔය බල්ලො ගැන... පෝස්ටුවක් විදියටම දාන්නම්කො....

    ReplyDelete
  5. @ Miyuru
    හික්... හික්...
    (බුහ්... බුහ්... එහෙම නෙමෙයි හොඳේ)

    දාන්නකෝ බලන්න ඔයාගෙත් "බලු"(රස) කතාව

    ReplyDelete
  6. ලොකු පුතා,
    බයිසිකලේ යන ගමන් මමත් බල්ලන්ට පයින් ගහලා තියෙනවා. වදින්න. ඒ වගෙම බල්ලෙකුටත් පන්නගෙන ඇවිත් බයිසිකලේ පදින එකාව හපාකන්නත් ලේසි නෑ. අපි බය වුනාට.
    හැබැයි ගෙදරකට ගියාම දවසක් රෑක මට කෑව දැවන්ත බල්ලෙක්. මම ගැහුවා හෙල්මට් එකෙන් නමුත් දත් පාර කලව ඇතුලට බැස්සා ඕල් ද වේ.
    ඊට පස්සෙ මම ඔය බල්ල තමයි මගෙ හිට් ලිස්ට් එකේ උඩින්ම හිටියෙ. සමහරු කියනවා වැලි ගැහුවම කැහැලා මැරෙනවා කියලා. සමහරු කියනවා බැදපු ස්පොන්ජ් කෑල්ලක් දුන්නම ඒක කාල මැරෙනවා කියලා. හික්ස්. කොහොම හරි මම ඒ එකක් වත් කලේ නෑ ඕන්න. (යකෝ මේව කියලා වයිල්ඩ් ලයිෆ් ගාමිණියා මාව හිට් ලිස්ට් එකට දාගනීද දන්නෙ නෑ.)

    henryblogwalker the Dude

    ReplyDelete
  7. මමත් දවසක් පයින් ගහන ඒකෙන් සාර්ථක වෙලා තියෙනවා. හැබැයි ඒ මෝටර් බයිසිකලේක පිටි පස්සේ වාඩි වෙලා යන දවසක.
    එදානම් ඒ බලු තඩිය ලොකු කරනමකුත් ගහල හොම්බෙන් ගියා...

    මමත් අර කතානම් අහල තියෙනවා.. ඒත් මම පාවිච්චි කලේ සාමන්‍ය යුධ පිළිවෙත්

    ගාමිණී අයිය මුකුත් අහිතක් හිතන එකක් නැහැ, මොකද බල්ලා ඇවිත් ගෘහාශ්‍රිත සතෙක්නෙ, වනජීවී කියන කොටසට අදාළ නැහැ මගේ හිතේ.
    කොයිකටත් පරිස්සමින්.... :)

    ReplyDelete
  8. මටත් බල්ලෝ ගැන හොඳ මතක තියෙනවා... ඉස්සර බෑන්ඩ් ප්‍රැක්ට්‍රිස ඉවරවෙලා රෑ දොලහට එකට වෙල මැද්දෙන් ගෙදර එද්දි හැමාදාම බව්වෝ සෙට් එකක් පස්සේ.... ඇඟේ මයිල් කෙලින් වෙන්න උඩු බුරනවා... මම මට නෙවෙයි යනවා. හැබැයි පපුව පිටි කොටනවා !!!

    බල්ලගේ ඇස් දිහා බලන්න හොඳ නෑලු. ඌට මල පනිනවාලු... මම නම් අනුගමනය කරන්නේ ෂේප් න්‍යායය. බල්ලට දිනුම දීලා ෂේප් වෙන්න ඕනේ ...

    හි හී !!!

    ReplyDelete
  9. ඒත් මචං පස්සෙන් පන්නද්දී මොන සාමයක්ද...

    උඹ දන්නවද බල්ලෝ උඩු බුරන එක, නරි හු කියන එක, උළමා කෑ ගහන සද්දේ මම අහන්න මනාපයි කියලා...
    මිනිස්සු ඒවාට අසුභ ලකුණු කිව්වට එව්වයේ පොඩි ගතියක් දැනෙනවා මට.
    හික් හික්......

    අර ඇස් දිහා බලන්න හොඳ නැහැ කියන කතාව මමත් අහල තියෙනවා

    ReplyDelete
  10. අඩේ ඔය බල්ලොනම් ගිය ආත්මවල ඉඳන්ම බයිසිකල් පදින අය එක්ක කොකු දාගෙනද කොහෙද ඉඳලා තියෙන්නේ මචො..අඩේ කිරිකොට් නම් මගෙත් ජීවිතේ වගේ බං...

    ReplyDelete
  11. ඔව් මචං.. උන් එන්නෙම ගේමටනේ :)

    ReplyDelete
  12. අපේ ගෙවල් ලගත් කළු බල්ලෙක් හිටියා මාව එලවගෙන එනවා මූ...මම කරන්නේ මූව දැක්කම පැදලා පැදලා කකුල් දෙක උස්ස ගන්නවා..හැමදාම ආතල් එකට ඌ එන්නේ අඩි 10 වගේ ,,,ආයිත් හැරිලා යනවා ඌ....මමත් අර පැදපු ටික ඉවරවෙන්න කලිං පාගලා යනවා....ගොඩක් කල් මෙහෙම කරා හැබැයි එක දවසක්වත් බ්‍රේරේක් ගහලා බැලුවේ නෑ.....

    ReplyDelete
  13. බල්ලන්ට ආතල් එක තියෙන්නෙ ඔබ්ජෙක්ට් එක චලනය වෙනකන් විතරයි..ඒක නැවතුනාට පස්සේ ඌ ට එකේ ආතල් එක නැතුව යනවා....හි හි

    ReplyDelete
  14. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    හැමෝටම පොඩි කාලේ බලු කරදර තිබිල තියෙන හැඩයි. :)
    ඔය බ්රේක් ගහන එකට පේටන්ට් එක ගත්තේ මමනේ, මේ තමයි රිසර්ච් පේපර් එක
    ඉතින් ඒ කාලේ ඔයා මේක දැනගෙන හිටපු නැතිඑක ගැන අහන්න දෙයක් නැහැ

    @ සයුරි
    ඔව් නේන්නම්.... හික් හික්

    ReplyDelete
  15. අපේ යාලුවෙක්ගෙ ගෙදර හෙන සැපට හැදිච්චි ඇල්සේෂන් තඩියෙක් හිටිය, මූ ගෙදර එන මිනිස්සුන්ගෙ ඇඟට පනින්නෙ බුරන්නේ නැහැ නමුත් තියන කුපාඩි කමට නොහිතපු වෙලාවට පස්සෙන් ඇවිල්ල බත් කෙණ්ඩ හපනවා.

    දවසක් මටත් ඕකම කරහම බය වෙච්චි පාර මම මුට හොඳවයින් පයින් පාරක් ගැහුවා ... මේක මාව ආපහු හපයි කියල හිතුවට මූ කෙඳිරි ගාගෙන ගිහින් ගෙදර කාමරේට රිංගුවා. පස්සේ දවසක මගේ යාළුවා කියනව ලඟකදී ඉඳන් බල්ල ගෙදරට කවුරු හරි එද්දී කාමරේ ඇතුළේ හැංගෙනවලු :-D

    මං හිතන්නේ කඳ ලොකුවට තිබ්බට ඉඳ හිට හැපුවට ඌ පොඩි එකෙක්ගෙ වගේ හිතක් තිබිච්චි එකෙක්ද කොහෙද, මට පව් කියල හිතුන !

    ReplyDelete